ඉන්දීය - ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර හමුවක් - මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉන්දියාවෙන් අඛණ්ඩ සහය!

ඉන්දීය - ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර හමුවක් - මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉන්දියාවෙන් අඛණ්ඩ සහය!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා (Jagat Prakash Nadda) හමුවී අද (08) සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය සඳහා සහභාගී වී සිටින අතරතුරයි.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ශ්‍රි ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.

ඊට අමතරව, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට අදාළව, විශේෂයෙන්ම ක්ෂය රෝග මර්දන කටයුතු (TB Control) වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම අනෙකුත් සහයෝගය අඛණ්ඩව ලබා දීමට ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී එකඟතාවය පළ කළේය.

WhatsApp Image 2026 09 08 at 3

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එසේම, ග්‍රාමීය මට්ටමින් ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් වඩාත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීමටත්, ඒ සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී (Dili, Timor-Leste) දී පැවැති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් ඇතුළු මෙරට නියෝජනය කරමින් සැසිවාරය සඳහා සහභාගී වු නියෝජිතයින් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්වුහ.

WhatsApp Image 2026 09 08 at 3.44.55 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න