මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ‘සංකථන මණ්ඩපය’ සංවාද අවකාශය තුළින් සංවාදාත්මක, සාහිත්‍යමය හා සංස්කෘතික වැඩසටහන් රැසක් පාඨකයන් වෙත තිළිණ කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කටයුතු යොදා තිබේ.
මේ යටතේ, ලාංකේය සිංහල නවකතා සඳහා පිරිනමන ප්‍රමුඛ සාහිත්‍ය සම්මානය වන ස්වර්ණ පුස්තක සම්මානයේ විනිශ්චය ක්‍රියාවලිය පිළිබඳ විවෘත සංවාදයක්, 2026 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.00 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී 2026 - ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
විනිශ්චයකරුවන්ගේ භූමිකාව කුමක්ද?, කෘතියක සාහිත්‍යමය වටිනාකම ඇගයෙන්නේ කෙසේද? වැනි මාතෘකා රැසක් මෙහිදී සංවාදයට ගැනීමට නියමිතයි.
ඔබේ අදහස් සහ යෝජනා රැගෙන 2026 ස්වර්ණ පුස්තක විනිශ්චය ක්‍රියාවලිය සහ නිර්ණායක පිළිබඳ විවෘත කතිකාවට එකතු වන්න පාඨක, ලේඛක සහ විචාරක ඔබ සැමට ආරාධනා.


