අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" ලබන 21 යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) නියෝග කළේ ය.
පෙර පැවති බෝගම්බර බන්ධනාගාරය සහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය විතැන් කරමින් කාන්තා රැඳවියන් 400 ක් සහ පිරිමි රැඳවියන් 2500ක් රැඳවීමට පහසුකම් සැපයීමට සහ නිලධාරීන් සඳහා නිල නිවාස 102ක් සහිතව දුම්බර බන්ධනාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ප්‍රතිශෝධිත ඇස්තමේන්තුව අනුව, සමස්ත පිරිවැය රුපියල් මිලියන 4363ක් බවත්, මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා වැඩ අධීක්ෂණ කටයුතු ඉංජිනේරු උපදේශක සමාගම (ECL) ආයතනය මගින් සිදු කරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසි ය.
මාරවිල උසාවියේ වෙච්ච සංවේදී සිදුවීමක්
තරුණ අම්ම කෙනෙක් තමාගේ අවුරුදු දෙකක් පමණ වෙන චූටි දුවට නඩත්තු ඉල්ලන්න උසාවි ඇවිත් හිටියා. තාත්තා තරුණ හාදයෙක්. චූටි දුව තාත්තා පැත්තට අතදික් කරල හිනා වුණා. අවුරුද්දකින් තාත්තා එයාව බලන්න ඇවිල්ලා නෑ. නඩත්තුවට සත පහක්වත් දීලත් නෑ. අම්මා තාත්ත අතර ආරවුලක්. නීතිඥවරියක් සහ නීතිඥවරයෙක් තමන්ගේ සේවාදායකයින් වෙනුවෙන් කරුණු දක්වනවා නඩත්තු ඉල්ලලා සහ ගෙවන්න බැරි හේතු කියල. ළමයා තාම තාත්තා දෙස බලාගෙන අම්මගේ අතේ. උසාවිය ම නිහඩව බලාගෙන ඉන්නවා. තරුණ විනිශ්කාරවරයා තාත්තගෙන් අහනව "තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන්නැද්ද?" තාත්තා බිම බලාගෙන. "තමන් දන්නව ද අපේ ගෙදර බල්ලත් පුංචි පැටිය කටින් අල්ලගෙන එහාට මෙහාට අරන් යනවා, ආදරේට... තිරිසන් සත්තුත් දරුවන්ට ඔයිට වඩා ආදරෙයි..අනිත් පැත්තෙන් එනවා"
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.
මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

