මාරවිල උසාවියේ වෙච්ච සංවේදී සිදුවීමක්
තරුණ අම්ම කෙනෙක් තමාගේ අවුරුදු දෙකක් පමණ වෙන චූටි දුවට නඩත්තු ඉල්ලන්න උසාවි ඇවිත් හිටියා. තාත්තා තරුණ හාදයෙක්. චූටි දුව තාත්තා පැත්තට අතදික් කරල හිනා වුණා. අවුරුද්දකින් තාත්තා එයාව බලන්න ඇවිල්ලා නෑ. නඩත්තුවට සත පහක්වත් දීලත් නෑ. අම්මා තාත්ත අතර ආරවුලක්. නීතිඥවරියක් සහ නීතිඥවරයෙක් තමන්ගේ සේවාදායකයින් වෙනුවෙන් කරුණු දක්වනවා නඩත්තු ඉල්ලලා සහ ගෙවන්න බැරි හේතු කියල. ළමයා තාම තාත්තා දෙස බලාගෙන අම්මගේ අතේ. උසාවිය ම නිහඩව බලාගෙන ඉන්නවා. තරුණ විනිශ්කාරවරයා තාත්තගෙන් අහනව "තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන්නැද්ද?" තාත්තා බිම බලාගෙන. "තමන් දන්නව ද අපේ ගෙදර බල්ලත් පුංචි පැටිය කටින් අල්ලගෙන එහාට මෙහාට අරන් යනවා, ආදරේට... තිරිසන් සත්තුත් දරුවන්ට ඔයිට වඩා ආදරෙයි..අනිත් පැත්තෙන් එනවා"
විනිසුරු තුමා වග උත්තරකරුගෙත් ඉල්ලා සිටිනවා.
"දරුවව පොඩ්ඩක් වඩා ගන්නවා තමුන්ට දැන් මොකද දැනෙන්නෙ? "
තාත්තා නිහඩයි.
"පුතා ඔය කවුද වඩාගෙන ඉන්නෙ?"
විනිසුරු අසයි. චූටිදුව හිනාවුණා.. මුළු උසාවිය ම නොපෙනෙන්න ඇඬුවා.
"තමුන් කැමති නැද්ද දෙන්නත් එක්ක සමාදන වෙලා මේ චුටි දරුවත් වඩාගෙන ගෙදර යන්න…?"
" කැමතී ස්වාමීනී"
තාත්තා කට ඇරියා.
"මම නඩුව බහා තියන්නම් තමුන්ල ඔහොම්ම ම දරුවත් වඩාගෙන ගෙදර යන්න."
උසාවිය ම දිගු හුස්මක් හෙලුවා. කොළඹ ඉඳන් මාරවිල උසවියට මුල් වතාවට ගිය මම අනිත් පුටුවේ හිටපු නීතිඥ මහත්තයගෙන් විනිසුරුතුමාගෙ නම ඇහුවා. ඔහු සිරිමෙවන් මහේන්ද්‍රරාජා.
මම දන්නෑ. තාත්තා කෙනෙක් ද කියලා වචනාර්ථයෙන් ම නඩුකාරහාමුදුරු කෙනෙක්.

සටහන - harshana M de silva
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
