Image

ජෝන්ස්ටන්ට එරෙහි සතොස නඩුව 28 තෙක් කල් යයි!

ජෝන්ස්ටන්ට එරෙහි සතොස නඩුව 28 තෙක් කල් යයි!

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 28 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

ඒ සිද්ධියට අදාළ නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප වි බන්ධනාගාර රෝහලේ සිටින බැවින් අද දින මෙම සිද්ධියට අදාලව විවෘත අධිකරණයේ පෙනී නොසිටින බවයි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සිද්ධියට අදාල සාක්ෂි විභාගය අද දින අධිකරණයේ සිදු නොවුනු අතර වැඩිදුර සාක්ෂි විභාගයට ඉදිරි දිනයක් නියම කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න