කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සැකකටයුතු ලෙස මියගිය බව කියන කාන්තාවකගේ දේහය සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මාලිගාකන්ද වැඩබලන මහේස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාට නියෝග කර තිබේ.
දින දෙකකට පෙර මියගිය බව කියන තම මවගේ මෘත දේහය අවසන් කටයුතු සඳහා භාර නොදී අදාළ පෞද්ගලික රෝහල විසින් රඳවාගෙන සිටින බවට මියගිය කාන්තාවගේ දියණිය විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අවසන් වූ පසු දේහය මියගිය කාන්තාවගේ දියණිය වෙත භාරදෙන ලෙසද වැඩබලන මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
