Image

සිරගත භික්ෂූන්ගේ ඇඳුම් ප්‍රශ්නය: කමිටු පත්කිරීම ඇස්බැන්දුමක් - එජාපය

සිරගත භික්ෂූන්ගේ ඇඳුම් ප්‍රශ්නය: කමිටු පත්කිරීම ඇස්බැන්දුමක් - එජාපය

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් අධිකරණය හමුවට හෝ පිටතට රැගෙන යාමේදී ඇඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස්බැන්දුමක් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවැනි කමිටුවක කිසිදු අවශ්‍යතාවයක් නැති බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මීට පෙර පැහැදිලි කර දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ල බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිව සඳහන්ව ඇති බවත් එම නිවේදනයේ දක්වා ඇත.

බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග 550 හි දැක්වෙන පරිදි,

“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරනු ලැබු සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් (සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය.”

“බන්ධනාගාර වීමට ප්‍රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්‍රයක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය.”

මෙවැනි පැහැදිලි මඟපෙන්වීමක් තිබියදී කමිටු පත් කිරීම යනු හිතාමතාම ප්‍රශ්නය යටගැසීමට සහ කල්මැරීමට රජය දරන වංක ප්‍රයත්නයක් බවත්, රජයේ මෙම ක්‍රියාමාර්ගය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂය මෙම නිවේදනය මගින් පෙන්වා දෙයි.

එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම බවද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහළින්>>

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න