"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම" පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර, රජය එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් සහ ප්‍රතිචාර කැඳවා ඇත.
“සුපිළිපන් සතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සුපිළිපන් සතිය මෙම මස 27 වන දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වීරවිල එළිමහන් කදවුර මුලික කරමින් එම යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්රධානත්වයෙන් (19) දින පස්වරුවේ එම බන්ධනාගාර පරිශ්රයේ සිදු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න