මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළව කොළඹ විජේරාම ස්ථීර ත්රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (20) දිනයේත් කැඳෙව්වා.
මාධ්යවේදී සහ ප්රබල දේශපාලන ක්රියාකාරිකයකු වන ප්රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය ගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නේ ය.
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්රී ලාංකික මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්රී ලංකාවේ මාධ්ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.
තමා මේ රටේ ස්ත්රියක් නොවේදැයි ප්රගීත් එක්නැළිගොඩ මාධ්යවේදියා ගේ බිරිඳ වන සන්ධ්යා එක්නැළිගොඩ මෙරට ඇමතිවරියන් ගෙන් සහ මන්ත්රීවරයන්ගෙන් විමසා සිටින්නි ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

