ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත.
1866 සැප්තැම්බර් 3 වන දින පළමු පොලිස් කාර්යාලය පිහිටවු අතර,ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් පළමු පොලිස්පතිවරයා විය.
මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකෙන අතර,159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.
පොලිස් මූලස්ථානය පැවසූවේ උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ය .
එම රථවාහන සැලැස්මට අනුව පොලීසිය නිවේදනය කලේ බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
• පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට ඇති කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ ඇති බස්නැවතුම වෙත රැගෙන යාම.
• 2025.09.03 වන දින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන (කන්ටේනර් රථ හා ටිපර් රථ) ගමනා ගමනය සීමා කිරීම.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
දැඩි අපරාධ වලට සම්බන්ධව විදෙස් ගත සැගවී සිටින රතු අපරාධකරුවන් හැත්තෑ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

