නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පොලිස් භාරයට ගත් එම දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
අදාළ සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෝටර් කාර්මිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.
ඔහු අද අලුයම 12.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 4ක් තුල සෙල්ලම් බඩු, සාරි, කමිස ඇතුළු භාණ්ඩ අතර සඟවා ගෙන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 12,000ක් අඩංගු දුම්වැටි කාටූන් 60ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත බීඩි 23,800ක් අඩංගු බීඩි බණ්ඩල් 19ක් රැගෙන ආ බව පරීක්ෂාවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 21 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
