Image

අග්‍රහාර රක්ෂණාවරණය තවදුරටත් ශක්තිමත් කිරීමට විශේෂ අවධානය!

අග්‍රහාර රක්ෂණාවරණය තවදුරටත් ශක්තිමත් කිරීමට විශේෂ අවධානය!

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණාවරණය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය

රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව හා සුබසාධනය වෙනුවෙන් වඩාත් ඵලදායී රක්ෂණ සේවාවක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.


රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන 'අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය' තවදුරටත් ශක්තිමත් කරමින්, එහි ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශයේ දී පසුගියදා (03) පැවැත්විණි.

 

ජාතික රක්ෂණ භාර අරමුදලේ(NITF)ප්‍රධානීන්, කළමණාකාරීත්ව මණ්ඩලය සහ අදාළජාතික රක්ෂණ භාර අරමුදලේ(NITF)ප්‍රධානීන්, කළමණාකාරීත්ව මණ්ඩලය සහ අදාළනිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ ද සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අග්‍රහාර රක්ෂණාවරණය වඩාත් ප්‍රතිඵලදායී වැඩසටහනක් බවට පත්කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන් රටට ඉටුකරන සේවයට නිසි ඇගයීමක් ලබාදීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වගකීමක් බවයි.
හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවකදී තමන් වෙනුවෙන් ශක්තිමත් රැකවරණයක් පවතින බවට විශ්වාසයක් රාජ්‍ය සේවකයා තුළ ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර, රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේදී මතුවන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ පවතින ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, කාලීන සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අග්‍රහාර සාමාන්‍ය, රිදී, රන් යන රක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ රක්ෂණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම, ප්‍රතිලාභීන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් දෙමින්, ප්‍රතිලාභ නිසි පරිදි හා කාලෝචිතව ලබාගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම ආදී කරුණු විය.

 

9.41.38

 

ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ක්‍රියාත්මක වන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හරහා රජයේ සහ පෞද්ගලික රෝහල්වල නේවාසික ප්‍රතිකාර, ශල්‍යකර්ම, මාතෘ හා දරු උපත් සෞඛ්‍ය අවශ්‍යතා, ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාගැනීම ඇතුළු සෞඛ්‍ය අවශ්‍යතා රැසක් ආවරණය වේ.

මීට අමතරව පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග වැනි බරපතළ රෝගාබාධ සඳහා වන ප්‍රතිකාර මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් සිදුවන ආබාධිත තත්ත්වයන් සහ මරණ වෙනුවෙන් ද ප්‍රතිලාභ සපයනු ලබයි.

මෙම සාකච්ඡාව සදහා ජාතික රක්ෂණ භාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන, අධ්‍යක්ෂ එච්.එම්.ටී.පී. හේරත්, මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ඊ.එම්.යූ.එස්. ඒකතායක, ප්‍රධාන විධායක නිලධාරීන් යුෂාන් තරංග අබේකෝන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (බෝනොවන රෝග) වෛද්‍ය ශ්‍රීනි අලහපෙරුම, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තාරකා එරන්දි හෙට්ටිආරච්චි යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න