Image

"ජනතාද්‍රෝහී මර්දන පනත් ඉරා දමනු!" - පාර්ලිමේන්තුව අසලදී දැවැන්ත විරෝධතාවක්

"ජනතාද්‍රෝහී මර්දන පනත් ඉරා දමනු!" - පාර්ලිමේන්තුව අසලදී දැවැන්ත විරෝධතාවක්

‘PSTA’සහ ‘PTA’පනත් මෙන්ම ‘OCA’පනත වහාම ඉවත් කරගන්නා ලෙස බල කරමින් ජන අරගල ව්‍යාපාරය ඇතුළුවෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේදී පැවැත්විණි.

 "රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු!" යන තේමාව මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

පහතින් දැක්වෙන්නේ මෙම විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පළ කළ අදහස් දැක්වීමයි.

(උපුටා ගැනිම)

"අපි අද පාර්ලිමේන්තුව ළඟට ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අරගෙන. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ආණ්ඩුවයි විපක්ෂයි දෙකටම අද රටේ ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ. ඒගොල්ලො පාර්ලිමේන්තුව ඇතුලු සුපුරුදු විදිහටම තමන්ගේ ගොඩ වැඩි කරගන්න කුලල් කා ගන්නවා.

NPP ආණ්ඩුව මේ කරන්නේ ඉතාම නින්දිත ක්‍රියාවක්.

හැබැයි අද වෙද්දි ජනතාවගේ කර මුලටම බදු ගහලා ජනතාව කබලෙන් ළිපට ඇදලා දාලා ඉවරයි. ඒ අස්සේ ආණ්ඩුව PSTA - OCA වගේ ජනතාද්‍රෝහී මර්දන පනත් සම්මත කරගන්න ලෑස්ති වෙනවා. මේ පනත්වල තියෙන්නේ සාමාන්‍යෙ ජනතාව ත්‍රස්තවාදීන් කරන ජනතාවට අපරාධ ලේබලය අලවන නීති. මහ දවාලේ පොලිස් කූඩු ඇතුළේ මිනිස්සුන්ගේ ඔළු පැලෙන්න ගහන තරුණයන්ගේ කොඳු කඩන පොලීසියට තව තවත් බලය දෙන්න තමයි මේ පණත් අරගෙන එන්නේ. ජනතාවට බොරු පොරොන්දු දීලා පොහොසත් රටක් හදනවා කියලා බලයට ආව අනුර දිසානායක ඇතුලු NPP ආණ්ඩුව මේ කරන්නේ ඉතාම නින්දිත ක්‍රියාවක්.

මේ පනත් සම්මත වුණොත් විධායකයට පුලුවන් තමන්ට විරුද්ධ වෙන ඕන කෙනෙක්ව ත්‍රස්තවාදීයෙක් කරලා සිරගත කරන්න. පොලීසියට පුලුවන් කම ලැබෙනවා ගම්වල ඉන්න අහිංසක තරුණයන්ව තමන්ට කැමති ඡෝදනාවක් දාලා සිරගත කරන්න. අපි අහනවා ආණ්ඩුවෙන් මේවා කරන්න උඹලට රටේ ජනතාව ජනවරමක් දුන්නේ ? කියලා.

 

රනිල්-රාජපක්ෂලාගේ මර්දන නීතිවලටම NPP සීල් එක ගහලා

දශක ගණනක් මේ රටේ ජනතාවගේ මුදල් හොරා කාපු තක්කඩි දේශපානලන කල්ලි පරාජය කරලා ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි බලය අරගෙන අවුරුදු දෙකක් යන්නත් කලින් අද ආණ්ඩුව ඒ ජනතා මතයට පස්ස හරවල IMF එකෙයි ඇමරිකාවෙයි පදයට නටනවා. ආණ්ඩුවට අද උපදෙස් දෙන්නෙ ධනකුවේරයෝ ටිකක්. ඒගොල්ලො කියන දේවල් තමයි ආණ්ඩුව කරන්නේ. රනිල් වික්‍රමසිංහලට රාජපක්ෂලාට එදා ජනතා විරෝධය නිසා හකුළ ගන්න වුන මර්දන අණපනත් සියල්ල NPP සීල් එක ගහල දැන් මේ ආණ්ඩුව එක දිගට සම්මත කරගනිමින් ඉන්නවා. විපක්ෂෙට මේවා ගැන වගේ වගක් නැහැ. මොකද මේ ආණ්ඩුව ඉටු කරන වැඩපිළිවෙළ එක්ක ප්‍රතිපත්තියමය ගැටුමක් ඔවුන්ට නැහැ. කැලෑ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙලා නෑ කියන කතාව තමයි මෙතනදි කියන්න වෙන්නේ. අද ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම කටයුතු කරන්නේ එකම ප්‍රතිපත්තියක ඉඳගෙන. ඒ නිසා තමයි වෙන වෙන මාධ්‍ය සංදර්ශන මවලා සිද්ධි මවලා ඇත්ත ජනතා විරෝධය යට යවන්න මේ දෙගොල්ලොම උත්සහ කරන්නේ. මේ විදිහට බැලුවම ආණ්ඩුවයි විපක්ෂයයි දෙක එකතුවෙලා මේ කරන්නේ ජනතාවට එරෙහි සංවිධානාත්මක අපරාධයක්. මිනිස්සුන්ගේ බත් පතට බදු ගහලා දරුවන්ගේ පොත්පත් ටිකට මිනිස්සු බොන බෙහෙත් පෙත්තට බදු ගහලා අද ආණ්ඩුව තමයි ජනතාවට එරෙහිව ත්‍රස්තවාදී වැඩ කරමින් ඉන්නේ. පොලීසිය මහපාරෙ මිනිස්සු මරනවා මේක තමයි ඇත්තම ත්‍රස්තවාදය.

 

ජනතා මතයට එරෙහිව වැඩ කරනවා නම් මහ පාරේ දැවැන්ත මහජන බලයක් ගොඩ නගනවා

මේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අපි මහජන බලයක් ගොඩනගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුලේ අද ජනතාවගේ මතය නියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ජන අරගල ව්‍යාපාරය වෙනදා වගේ රටේ ජනතාවගේ හඬ අරගෙන මහපාරට ආවේ. ආණ්ඩුව හිතනවනං තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මර්දන අණපනත් සම්මත කරගෙන මේ රටේ ඩෙඟා නටන්න පුලුවන් කියලා ඒක හීනයක් විතරයි. ඔහොම හිතාගෙන ආව රාජපක්ෂලා ඇතුළු කල්ලිවලට අන්තිමට වුනේ හකුළගෙන යන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා PTA - PSTA - OCA ඇතුළු ජනතාද්‍රෝහී පනත් වහාම හකුළාගත යුතුයි. උඹල පාර්ලිමේන්තුව ඇතුළේ ඒ ජනතා මතයට එරෙහිව වැඩ කරනව නම් අපි මහ පාරේ දැවැන්ත මහජන බලයක් ගොඩ නගනවා. මේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව, ජනතාව පීඩාවට පත් කරලා ධනකුවේරයෝ සනසන කොල්ලකාරී ආර්ථිකයට එරෙහිව දැවැන්ත මහජන බලයක් ගොඩනගා උඹලගේ ප්‍රතිපත්ති අපි කණපිට හරවනවා. අන්න ඒ පණිවිඩය ආණ්ඩුවට මතක් කරලා යන්න තමයි අද අපි පාර්ලිමේන්තුව ළඟට ආවේ."
(උපුටා ගැනීම අවසන්)

WhatsApp Image 2026 11 04 at 9.56 PM

WhatsApp Image 2026 11 04 at 9.56.49 PM

WhatsApp Image 2026 11 04 at 9.56.50 PM

WhatsApp Image 2026 11 04 at 9.56.51 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න