දැනට ඉදිරිපත් වී තිබෙන පක්ෂ සංවිධානය පිළිබඳ සියලු යෝජනාවලට එජාප නායක රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කර ඇති බවත්, එම යෝජනා අනුව ඉදිරියේ දී ක්‍රියා කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම පසුගිය සෙනසුරාදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. වෙනත් වසරවල්වල මෙන් එම සංවත්සරය එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාවේ දැනට විපක්ෂයේ සිටින සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.
ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්
මෙහි දී ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය ඇතුළු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්, නියෝජිතයින් 100 කට අධික පිරිසක් සහ පාක්ෂිකයින්ගේ එකමුතුවෙන් පැවැති මෙම සමුළුවෙහි දේශන පැවැත්වීමට ද කටයුතු කර තිබුණේ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කර කථිකයින්ට ය.
එය සම්පූර්ණයෙන් ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව සිදුවීම ද කාගෙත් කතා බහට ලක්විය.
කෙසේ වෙතත් මෙවර සංවත්සර සැමරුම සියලු පක්ෂ එකමුතුවෙන් පැවැත්විය යුතු වන බවට යෝජනා වූ පසු මෙම පක්ෂ ඒකරාශී කරගැනීමේ වගකීම නායක රනිල් විසින් පවරන ලද්දේ වජිරට ය. ඒ මෙවැනි කර්තව්‍යයන් වජිර අකුරටම කරන බව නායක රනිල් දන්නා බැවිනි.

සංවත්සරයට පමණක් සීමා නොවූ එකමුතුවක්
කෙසේ වෙතත් රාජකාරිය පැවරු දින සිට ම ඒ සඳහා ක්‍රියාත්මක වූ වජිරගේ අවසන් ප්‍රතිඵලය මනාවට දිස් වූ බව පැමිණි සිටි දේශපාලනඥයින් වජිරගේ මූණට ම පවසා තිබුණි. ඊට අමතරව පැමිණි අනෙකුත් දේශපාලනඥයින් බොහෝමයක් වජිර ළඟට ම විත් වජිරට සුබ පතා තිබුණේ 'ඔබතුමා මේ කාර්යභාරය ඉතා හොඳින් මැනවින් සංවිධානය කර තිබණා' යැයි පවසමිනි.
ඒපමණක් නොව මෙම සැමරුම සඳහා මහා සංඝරත්නයට ද ආරාධනා කර තිබූ බැවින් වජිර ඊටත් පෙර සිට ම සූදානම් වූයේ උන්වහන්සේලාට අවශ්‍ය කරන දානමාන ආදියද නිසි පරිදි සංවිධානය කරමිනි. එම නිසාම කිසිඳු දෙයකින් අඩුපාඩුවක් නොවන ආකාරයෙන් හෝ කිසිම කෙනෙකුට වරදක් නොවෙන ආකාරයෙන් වජිර මෙම කර්තව්‍ය මැනවින් කර තිබු බව ද නායක රනිල් මෙම සංවත්සරයෙන් පසුව වජිරට පවසා තිබිණි.
කෙසේ නමුත් නායක රනිල්ගේ අදහස වූයේ ද මෙම එකමුතුව සංවත්සරයට පමණක් සීමා නොවී ඉදිරියටත් දේශපාලනිකව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ වර්තමාන රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාත්මකවිය යුතු බවයි. එය ඔහුගේ කතාව අතරතුරදී ම පෙන්වා දී තිබිණි.
ජාජබ මන්ත්‍රීට වජිරගේ ගෞරවය
මේ අතර ජාතික ජනබලවේගයේ, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, අභාවප්‍රාප්ත මහිල් මුණසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වජිර එක්වුණේ පසුගිය අඟහරුවාදා උදෑසනයි. කරන්දෙණියේ දේහය තැන්පත් කර ඇති නිවසට වජිර පැමිණියේ කරන්දෙණිය ආසන සංවිධායක නුවන් සොමිරත්න සමග වන අතර දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වජිර මහීල්ගේ මව සහ බිරිඳ සමග ද කතාබහකට එක්විය. ඒ අවස්ථාවේ වජිර නායක රනිල්ගේ ශෝකයද ඒ මහතාගේ පවුලේ අය වෙත පළකර සිටියේ ය. පැය බාගයකට ආසන්න කාලයක් එම නිවසේ රැඳි සිටි වජිර ඉන් අනතුරුව ගාල්ල එක්ස්ත් ජාතික පක්ෂ කාර්යාලය වෙත පිටත්ව ගියේ තවත් වැඩකටයුත්තකට සහභාගී වීම සඳහා ය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ම වජිර මාතර බලා පිටත් වුණේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති සහ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත කරුණාවතී හපුගොඩ ආරච්චි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ය. කොළඹ වැඩ රාජකාරී කටයුතු බොහෝමයක් තිබුණත් ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බැවින් වජිර ඒ සියලු කටයුතු පසෙකින් තබා ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වීරසිංහ සමග සාකච්ඡාවකට එක් වූ අතර වජිර එහිදී තම නායක රනිල් වික්‍රමසිංහව දුරකථනය හරහා සම්බන්ධ කරගත් අතර නායක රනිල් ද ඒ අවස්ථාවේ දී සිය ශෝකය පළ කර සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පහුගිය මාසය පුරා ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරමින් යන බවත්, ඒ අනුව අද ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස රැස්වීම් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාස රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන...
බොරු කියන දේශපාලනය අවසන් කළ යුතුයි
''අපි එක දෙයක් මතක තබාගත යුතුව තිබෙනවා. ඒ තමයි අපේ රටේ සුවහසක් මහජනතාවගේ ප්‍රාර්ථනය තමයි මේ රටේ මින් ඉදිරියට බොරු කියන දේශපාලනය අවසන් කිරීම. එහෙම නැතිනම් සම්පූර්ණයෙන් ම දේශපාලනය වංචනික ලෙස සිදුකරන ක්‍රියාවලිය අවසන් වනවා දැකීම. ඒ නිසා ඒ මහජනතාවගේ අදහස වෙන්නේ සියලුදෙනා එකතුවෙලා රටේ සුභසිද්ධිය සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම. මේ ගැන අවබෝධයක් තිබුණු නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 ජූලි මාසයේ 20වැනි දා ජනාධිපතිධුරය බාරගත්තායින් පසු පාර්ලිමේන්තුව අමතලා කිව්වේ කරුණාකරලා ජාතික ප්‍රතිපත්ති රාමුවකට සියලුදෙනාට එකතු වෙන්න කියලා.
මේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් පිට පැනලා තමන්ට ඡන්ද සහ බලය ලබාගැනීමේ අරමුණින් තවදුරටත් මහජනතාවට බොරු කියන එක නැවැත්තුවේ නැතිනම්, මේ බොරු කියන දේශපාලනඥයින්ට අනාගතයේ දී ජනතාවට මුහුණදෙන්න බැරි වේවී. ඒ නිසා මේ දේවල් ඉතාමත් කල්පනාවෙන් හැසිරවිය යුතුයි. තමන්ට තණ්හාව තිබුණා කියලා ජනාධිපති වෙන්න, අගමැති වෙන්න, එහෙමත් නැතිනම් ඇමති කෙනෙක් වෙන්න, ඒ සඳහා මහජනතාව බිල්ලට තියන එක අපි අනුමත කරන්නේ නැහැ. එය ඉතාමත් වැරදි ක්‍රියාවක්. කළ නොහැකි දේවල් කියන්න හොඳ නැහැ. එහෙම නම් කළ හැකි දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීති 92 ක් ගෙනල්ලා සම්මත කර තිබෙනවා. එතැනින් පිට රටේ මුකුත් කරන්න බැහැ.
එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන ගෙන් ඇසු ප්‍රශ්න සහ ඒ සදහා ලබාදුන් පිළිතුරු
ප්‍රශ්නය - සමගි ජන බලවේගයේ නායකතුමා පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට නිවේදනයක් කරා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන්නේ කුමන අදහසක්?
පිළිතුර - ''ඒ ගැන මම පසුගිය සිකුරාදා සවස මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය අනුව අපි බලනවා මේ සතියේ පැවැත්වෙන අපේ කළමණාකරණ කමිටුවේදීත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න. අපි ඒ තීරණය ඉතාමත් සුභවාදීව දකිනවා.''
''මම හිතන්නේ මෙතැන තිබෙන්නේ එක දෙයයි; ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළාට වැඩිය මොනවම හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් උනාද? මම දන්න විදිහට නම් බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය දරන සමයේ එතුමා නව නීතී අණපනත් ගෙනැත් තිබෙනවා මහජනාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන්. වර්තමාන ආණ්ඩුව ඒ නීතී රීතී උල්ලංඝනය කරමින් තිබෙනවා. එසේ නීතීරීතී උල්ලංඝනය කළහොත් ඒ ආණ්ඩුව විනාශ වන බවයි අපේ දැනීම නම්. එසේනම් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා කියලා කියන්න කැමතියි.''
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සතියේ සිකුරාදා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණෙන්නේ තායිලන්ත රටේ මව් රැජින වූ අභාවප්‍රාප්ත සිරිකිට් රැජිණිය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහායි.
පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්‍රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.
එම දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳවයි.

ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුලවී ඇත්තේ ඵ් නිසයි.
ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් හේතුවෙන්.
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ රැඳෙමින් දිස්ත්‍රික් කාර්යාලය වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දින දෙක වෙන් කර තිබුණේ පසුගිය සති අන්ත කිහිපයක ම ඒ වැඩකටයුතු පක්ෂයේ විශේෂ වැඩකටයුතු වෙනුවෙන් වැය කොට තිබු බැවිනි.
කෙසේ නමුත් වජිර කාර්යාලයේ රැඳී සිටින බව ආරංචි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කිහිපදෙනෙකු ද වජිර මුණගැසීමට පැමිණියේ මේ අතරවාරයේදී ම ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනය තුළ එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ගෙනයන වැඩකටයුතු පිළිබඳ මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.
හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ
කොහොම නමුත් මේ සාකච්ඡා අතරතුරදී තවත් කාරණාවක් හදිසියේම ඉස්මතු වන්නේ ඉරිදා පුවත්පතක පළවී තිබුණු ප්‍රධාන සිරස්තලයක් හේතුවෙනි.
“හිටපු මැති ඇමතිවරු 20කගේ වත්කම් විමර්ශන අරඹයි” මැයෙන් එක්තරා ඉරිදා පුවත්පතක පළවී තිබිණි. එම පත්තරයේ සිරස්තලයත් කියවමින් කෙනෙක් වජිරට මෙය පෙන්වී ය.
කිසිඳු කලබලයක් නොවූ වජිර, “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන් වජිර මඳ සිනහවක්ද පාමින් ඔහුට පිළිතුරු දුන්නේ ය.
“නෑ, සර් මම මේ කිව්වේ ආණ්ඩුව හදන්නේ මොනවාහරි කරලා ඔබතුමන්ලව මර්දනය කරන්න. අනික විපක්ෂයේ දේශපාලනඥයින් අතරින් ඔබතුමා ඉදිරියෙන් ම ඉන්නවනේ. ඒ විතරක්ද පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමෙත් එහි සංවිධායක කටයුතු සියල්ලක් ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තරවල පවා ගිහින් තිබුණා.”
“පත්තරවල විතරක්ද ගිය සතියේ සෙනසුරාදා ෆේස්බුක්වල තිබුණේ අපේ සංවත්සරේ විතරමයි.”

තවත් කෙනෙක් හඬ අවදි කළේය.
“මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමාව හිරේ දැම්ම ම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවේ දී ම කිව්වනේ හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ”
මාධ්‍යවේදියාගේ දුරකතන ඇමතුම
මේ කතාව යන අතරවාරයේම වජිරගේ දුරකථනය නාද වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමක් සමගින්ය.
“ඇමතිතුමා, අද ගාල්ල ආවේ කියලා ආරංචි වුණා. අද පත්තරවලත් ඔබතුමාගේ ඡයාරූප පළ වෙලා තිබෙනවා. මේ ගැන වොයිස් කට් එකක් ගන්න අපි එන්නද කාර්යාලයට.”
ඔහු වජිරගෙන් විමසීය.
සිනහවක්ද සමගින් “එන්නකෝ, එන්නකෝ...”
විනාඩි 15 ක් යන්නට මත්තෙන් මාධ්‍යවේදීහු වජිරගේ උළුවිටිකේ කාර්යාලායට පැමිණියහ.
තමන්ගේ කැමරා ආම්පන්න සූදනාම් කර ගැනීමෙන් අනතුරුව “සර්.. අපිනම් ලෑස්තියි” මාධ්‍යවේදීන් පැවසීය.
“දැන් මොනා ගැනද කියන්න ඕන?”
වජිර සුපුරුදු ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඇසී ය.
“සර්, අද වත්කම් විමර්ශන අරඹයි කියලා ඔබතුමාගෙත් නම ඇතුළත් ප්‍රවෘත්තියක් පත්තරවල පළ වෙලා තියෙනවා. ඒක ගැන කතා කරමුද?”
“මගේ ගැන ඕන වෙලාවක කතා කරන්න බැරියැ. මුලින්ම රටට, රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න ගැන අපි කතා කරලා ඉමු,” යැයි කියමින් වජිර මේ දිනවල වැඩි අවධානයට ලක්ව තිබෙන කාරණයක් පිළිබඳ සිය හඬ අවදි කරන්නට විය.
ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ
“වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ.
ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල් හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

දූෂණ විරෝධී පනත ගෙනාවෙ අපි
මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත් සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධි පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි.
අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට අපේ ඇතැම් දේශපාලන පක්ෂ ලෝකයට ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොකද කළේ, 2023, අංක 9 දරණ දූෂණ විරෝධී පනත 2023 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කළා.
විශේෂයෙන් මේ රටේ මහජනතාව මතක තබා ගත යුතුයි මේ කියන දූෂණ රට තුළ පාලනය කිරීම සඳහා නීති රීති මේ රටේ සම්පාදනය කළේ අවුරුදු දෙක හමාරක් මේ රටේ ජනාධිපතිධුරය දරපු රනිල් වික්‍රමසිංහයි. එතුමා මේක ගෙනාවේ අපේ රට තුළ දූෂණය තිබෙනවා කියන නිසා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ආසියාවේ තිබෙන බලසම්පන්නම නීතීරීති පද්ධතියක් හඳුන්වා දෙන්න. මේ හරහා ඇතිවන ගැටලු තිබෙනවා. මේ හරහා ඇතිවන හොඳ තිබෙනවා. මේ හරහා ඇතැම් විට රාජ්‍ය යාන්ත්‍රණය මුහුණදෙන ගැටලු පවා තිබෙනවා.

මේ දූෂණ වීරෝධි පනත පමණක් නෙමෙයි, පනත් 90ක් පමණ රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙක හමාරක් තුළ සම්මත කර තිබෙනවා. ඒ පනත් සියලලෙන්ම රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ක්‍රියා කළේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ කියලා මතක් කරන්න කැමතියි.
කවුරුත් වැරැදි කරනවා
ලෝකයේ මානවයා කරන ප්‍රධාන ම දෙයක් තමයි වැරදි. කොයි කෙනත් ඉපදුණු දා සිට වැරදි කරනවා. එය තමයි ලෝක ස්වභාවය. ඒවා නවත්වන්න බැහැ. කරන්න පුළුවන් එවා පාලනය කිරීම පමණයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බෞද්ධ දර්ශනය ඔස්සේ ඒවා අපේ රට තුළ පාලනය කළා. වෙනත් ආගම්වල උනත් තත්ත්වය එසේමයි. ලෝකයේ දියුණුවත් සමග නීති රීති හඳුන්වාදෙමින් ඒ හරහා මහජනයා පාලනය කිරීම සිදුවෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මේ රට එක්සේසත් කරන්න. ඒ එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමේ දී සියලුදෙනා එකතු කරගනිමින් අපි පක්ෂ සංවත්සරය සැමරුමේ ඒ නිසයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහ සම්බන්ධ වණා. ඒ සම්බන්ධතාවය අපි දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එ සම්බන්ධතාවය ශ්‍රී ලාංකික සමස්ත මහජනතාවගේ යහපත සඳහා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න අපි මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

