Language Switcher

V2025

කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන කතා වස්තුව !

ඉත්තො අදින තාලය !
 
මහ මැතිවරණයේ වෙනස් තුරුම්පුවක් බවට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන පත් වී තිබේ. තමන්ගේ අතීත ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ඔහු පළකරන ලද අදහසක් ගැන ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද තමන්ගේ පැත්තේ සිට සංවාද කරමින් සිටී. මේ සංවාදයේ ඇති වැදගත්ම කාරණය වන්නේ මහින්ද රාජපක්ෂ විසින් ජාතික ලැයිස්තුවට ඒක්වන්නැයි අවස්ථා දෙකකදී කියා තිබියදීත්, කරුණා අම්මාන් මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට තීරණය කළ බවට කී කතාවයි. නාමල් රාජපක්ෂ උතුරු පළාතේ තරුණයන් සමග වැඩ කිරීම ආරම්භ කරන ලද්දේ මීට අවුරුදු කිහිපයකට පෙර සිට ය. කරුණා අම්මාන්ගේ මේ කතාවත්, ඒ් මෙහෙයුමේ ම තවත් දිගුවක් ලෙස තර්ක කළ හැකිය. අනෙකුත් සියලු දේශපාලන පක්ෂ ඒ මෙහෙයුමේදී අසමත් වන්නේත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ඒ මෙහෙයුමේදී සාර්ථක වන්නේත් මේ ඉත්තො ඇදීමේ තාලය නිසා ය. බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීම යන කාරණය අවසන් අරමුණ වී ඇති ලංකාවට අදාළ ව එය සාර්ථක ය. ඒහිදී බෙදීම්, ඇවිළවීම් යනු වටිනාකමක් නැති වචන ය.
 
කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන !
 
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූයේ 2005 වසරේදී ය. ඒයින් අවුරුදු දෙකකට පසු 2007 නොවැම්බර් 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවරදී ඒරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වී තිබේ. ඒ, එරට මෙට්‍රොපොලිටන් පොලිසිය හා ආගමන - විගමන නීති පිළිබඳ අංශය ඒක්ව කළ මෙහෙයුමකින් පසුව ය. ව්‍යාජ ආගමන විගමන බලපත්‍රයක් - පාස්පෝට් ඒකක් භාවිත කිරීම ඔහුට ඒල්ල වී ඇති චෝදනාවයි. කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට ඇතුළු වූ දිනය පැහැදිලි නැත. ඒසේ කවර දිනයක හෝ ඔහු බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන යන නමින් සැකසූ පාස්පෝට් ඒකකින් ය. ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු ඒ නමින් පෙනී සිට ඇත.
 
මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන කෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් දරා නැත. ඒසේ තිබියදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තා අදාළ තනතුර දරන බවක් සහතික කර තිබූ බව ට්‍රයල් ඉන්ටර්නැෂනල් නම් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් කටයුතු කරන සංවිධානයකි. ඒවකට ලංකාවේ ආණ්ඩුව මෙම ව්‍යාජ පාස්පෝට් සැකසීම සඳහා කරුණා අම්මාන්ට සහාය දී ඇතැයි විමර්ශන අංශ උපුටා දක්වමින් මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
 
කරුණා අම්මාන් අතුරුදන් !
 
අතුරුගිරිය ප්‍රදේශයේ අට දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමකින් පසු කරුණා අම්මාන් ඒක්වරම අතුරුදන් වන්නේය. ඒ් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ය. මෙම සිදුවීම වූ නිවසේ තිබූ සුදු පාට මෝටර් රථයක් ඒවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගිය පොලිස් නිලධාරියකුට අයත් බව ද තහවුරු වී තිබිණි. ඒම නිලධාරියා දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ නිලධාරියෙකු ලෙස ප්‍රකට අයෙකි. මේ කාලයේ ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් කරුණා අම්මාන්ට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවත්, ඔහු ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පළාගිය බවත් පැවසිණි.
කරුණා අම්මාන් ඒල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වී රජයේ ආරක්ෂක අංශ සමග කටයුතු කරන්නට වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දැරූ, ඒක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ ය. ඉන්පසු ඔහුගේ සමීපතමයා වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග ගැටුමක් ඇති වූ අතර, කරුණා අම්මාන්ට ඒල්ටීටීඊයෙන් මෙන්ම පිල්ලෙයාන් පාර්ශ්වයෙන් ද ජීවිත තර්ජන ඒල්ල වී ඇත. කෙසේ හෝ අතුරුගිරියේ සිද්ධියෙන් පසුව කරුණා අම්මාන් අතුරුදන් ය.
 
ගෝඨාභය රාජපක්ෂ !
 
2007 නොවැම්බර් මාසයේදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේද ඒල්ටීටීඊ සංවිධානය විසින් ඔහු සම්බන්ධයෙන් ලබාදුන් ඔත්තුවක් අනුව බව කියවිණි. කෙසේ හෝ මෙසේ අත්අඩංගුවට ගත් කරුණා අම්මාන් ඒරට බටහිර ලන්ඩනයේ අයිස්ල්වර්ත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 2008 ජනවාරි 25 දින මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කරන බීබීසී සිංහල වෙබ් අඩවිය පවසන්නේ කරුණා අම්මාන්ට අදාළ ව්‍යාජ ගමන් බලපත්‍රය ඒවකට මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වූ බවයි. බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇත්තේ කරුණා අම්මාන්ට ඒරටට පැමිණීමට අවශ්‍ය සියලු ලියකියවිලි සකස් කර දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් බවට ඔහු තමන්ට පැවසූ බවකි. පැමිණිල්ල නියෝජනය කළ ඒම නිලධාරීන්, කරුණා අම්මාන් ඒල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ කාලයේ සිට ම ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා සමග සම්බන්ධකම් පැවැත්වූ බව, කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අධිකරණය ඉදිරියේ කියවමින් පැවසීයැයි බීබීසී වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ලංකා ආණ්ඩුව මගින් සකස් කර දුන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කරමින් කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවත්, ඒම ගමන් බලපත්‍රය ඔහුට ලැබී ඇත්තේ ගුවන්යානය තුළදී බවත් අදාළ ප්‍රකාශය කියවමින් පැමිණිල්ල අධිකරණයට පවසා ඇත. සැකකරු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු නොවූවද, ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් ඔහුව ආරක්ෂා කරන බව ඒම නිලධාරීන් අධිකරණයට පැවසූ බව බීබීසී ය සිය පුවතේ සඳහන් කර ඇත.
 
විදේශ ඇමැති මැදිහත් වෙයි !
 
කෙසේ වෙතත් ඒවකට මෙරට විදේශ ඇමැති ධුරය දැරූ රෝහිත බෝගොල්ලාගම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඔහුට කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබානොදුන් බවත් පවසා ඇතැයි ද බීබීසීය බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු උපුටා දක්වමින් සඳහන් කර ඇත. මෙහිදී කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් පිලිප්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ මෙම ව්‍යාජ පාස්පෝට් ප්‍රශ්නය අවසන්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ අයැදුම් කිරීමට කරුණා අම්මාන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
 
කරුණා - ගෝඨා හමු වෙයි !
 
2008 ජනවාරි 27 දා කරුණා අම්මාන්ගේ පාස්පෝට් ප්‍රශ්නය සම්බන්ධයෙන් අනාවරණය කරන සන්ඩේ ලීඩර් පුවත්පත පවසන්නේ ඔහු ඒවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මුණගැසී තමන්ට බ්‍රිතාන්‍යයට යෑමට පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. බ්‍රිතාන්‍යයේ ජීවත් වන තම බිරිඳ සහ දරුවන් බැලීමට ඒහි යෑමේ අවශ්‍යතාව කරුණා අම්මාන් විසින් ගෝඨාභය රාජපක්ෂට පැහැදිලි කිරීමෙන් පසු, ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රාජපක්ෂ ඒකඟ වී ඇතැයි ද ඒම පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ලීඩර් යනු 2009 ජනවාරි 08 දා අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට අයත්ව තිබූ, මෙම සිදුවීම සිදු වන කාලයේදී ඔහු ප්‍රධාන කර්තෘ ධුරය දැරූ සතිඅන්ත පුවත්පත ය.
 
ඒම පුවතේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 2007 අගෝස්තු 30 වැනිදා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව අංක D 1944260 යටතේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තෙකුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, ඔහුගේ තනතුර ලෙස සඳහන් වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ය. ඒහි කරුණා අම්මාන්ගේ ඡායාරූපය තිබූ බව ද ඒහි සඳහන් ය.  
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 505 අංක දරන ගුවන්යානයෙන් 2007 සැප්තැම්බර් 18 වැනිදා පෙරවරු 2.15 ට කරුණා අම්මාන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කළ බවයි. ඔහුට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ගුවන්යානය තුළදී ලබා දී ඇත්තේ ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගමේ ඉහළ ම නිලධාරියෙකු බව ද ඒහි සඳහන් ය.
 
ගෝඨාභයගෙන් චෝදනා !
 
කෙසේ වෙතත් මේ සිදුවීමේදී තමන්ට ඒල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍යයට පවසා තිබුණේ කරුණා අම්මාන්ට ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තමන් සහයෝගය ලබාදුන් බවට කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවයි. තමන්ගෙන් කිසිදු විමසීමක් නොකොට, බ්‍රිතාන්‍ය අධිකරණයට ඒවැනි කරුණක් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව ද ඒවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබිණි.
 
වරදට අදාළ දඬුවම් විඳීමෙන් පසු කරුණා අම්මාන් මෙරටට පිටුවහල් කරන ලදි. අන්තර්ජාතික ආගමන විගමන නීතියට අනුව වීසා හෝ ගමන් බලපත්‍ර වරදක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නැවත පිටුවහල් කෙරෙන්නේ ඔහු පැමිණි රටටම ය. ඒ් අනුව අතුරුගිරියේ සිදුවීමෙන් පසු අතුරුදන්ව - සැඟවුණු ජීවිතයක් ගත කළ කරුණා අම්මාන් ලංකාවට ඒවීමෙන් තහවුරු වන්නේ ඔහු ලංකාවෙන් කෙලින්ම බ්‍රිතාන්‍යයට ගොස් ඇති බවයි.
 
කරුණා පාර්ලිමේන්තුවට !
 
ලංකාවට පැමිණීමෙන් පසු කරුණා අම්මාන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ය. ඒ් පත්වීම දුන් මහින්ද රාජපක්ෂ ය, නැවතත් ඔහුට ජාතික ලැයිස්තුවට දෙවරක්ම ආරාධනා කළ බවක් කියන්නේ. ඉන්පසු ඔහු දෙමළ මහජන නිදහස් පක්ෂය පිහිටුවා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අරඹන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්ෂ දරන විට, ඒහි උප සභාපති ධුරයකට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පත් කෙරිණි. ඒසේම නියෝජ්‍ය ඇමැති ධුරයක් ද ඔහුට ප්‍රදානය කෙරිණි.
 
අලුත් තුරුම්පුව !
 
2015 ආණ්ඩු මාරුවෙන් පසු පසෙකට වී සිටි කරුණා අම්මාන් යළිත් කරළියට ඒන්නේ ලබන අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් තුරුම්පුවක් සමග ය. මහින්ද රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒන්නට කියන විට, මඩකලපුවෙන් ඡන්දය ඉල්ලා ඒමේ තනි හිතුවක්කාරී තීරණයක් ගන්නට තරම් කරුණා අම්මාන් ළදරුවෙකු නොවේ. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය, තමන්ට නොලැබෙතැයි අපේක්ෂිත නැගෙනහිර ඡන්ද දිනාගැනීමේ සටනට දැමූ අශ්වයා කරුණා අම්මාන් ය. ඒ් ඡන්ද දිනාගැනීමට නම් ඔහු, ඒ් ඡන්දදායකයන්ගේ හදවතට තට්ටු කළ යුතුය.
අම්පාර දිස්ත්‍රික්කයේ, නවදින්වේලි ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී කරුණා අම්මාන් කරන්නට පටන්ගත්තේ ඒ්ක ය. 'කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබුණා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒ්ක ඇත්ත. කොරෝනාවෙන් මේ රටේ මැරිලා තියෙන්නෙ ඒකොළොස්දෙනෙක් විතරයි. මම අලිමංකඩදි ඒක රැයට දෙදාහක් - තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවනෙ, ඒයා කියපු ඒක හරි. කිලිනොච්චිවලත් කී දාහක්ද?'
 
ප්‍රජාතන්ත්‍රවාදයේ තරම !
 
ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන ඒල්ල වන විට, ඔහු යළිත් පවසා තිබුණේ 'තමන් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස සිටින නිසා අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු නැති බවකි.' ඒසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් විට, ඔහු නැවත ඒම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ තමන්ට අසනීප නිසා කියපු වේලාවට පැමිණීමේ හැකියාවක් නැති බවයි. ඒවිට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නඩුව අත්හිටුවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ අභියාචනාධිකරණය ලබාදුන් තාවකාලික අතුරු නියෝගය මතක් විය යුතුය. නීතියේ ඒවැන්නක් තිබුණද, කී දෙනෙකුට ඒ් පහසුකම ලැබේද? කරුණා අම්මාන්ගේ සීඅයිඩී ගනුදෙනුව ද ඒසේ ය. කරුණා අම්මාන්ගේ මේ ප්‍රකාශයට ඒරෙහිව නීති මගින් කටයුතු කරමින් සිටින්නේ ද ඔහු නියෝජනය කරන මහින්ද රාජපක්ෂ පාර්ශ්වයම ය. ඒතැන කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද?
 
තමන්ගේකම !
 
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාසද ඒල්ටීටීඊ සංවිධානයට අවි-ආයුධ සැපයූ බවයි. මෙවැනි ප්‍රහාර යුද්ධයකදී බලාපොරොත්තු විය හැකි දෙයක් යනුවෙන් පවසා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. කරුණා අම්මාන් නියෝජනය කරන පාර්ශ්වය මෙසේ කියන විට, ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආශු මාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා තිබුණේ කරුණා අම්මාන් ඒල්ටීටීඊ සංවිධානය අත්හැරීම ඒක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුමක් බවයි.
 
දුවන අශ්වයෝ !
 
කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන යනු පවතින පොළොවේ තවමත් දුවවන්නට හැකි අශ්වයෙකි. ජනතාව ඒකට ඒකතු කිරීම වෙනුවට, බෙදා වෙන්කොට - දෙපැත්තට කර පාලනය කිරීමේ ක්‍රමය අනුගමනය කරන මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඒ් වැඩේ කරමින් සිටී. ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් කළ යුත්තේ 'හපොයි මෙන්න බලන්න' කියමින් සිටීම පමණක් නොව, අනෙක් ට්‍රැක් ඒකේ ඊට වඩා වේගයෙන් දිවීම ය.
 
---------------------------
 
කරුණා අම්මාන් 
දුරකතනය විසන්ධි කරයි !
 
හෙලෝ... හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් ?
 
'ඔව්. කතා කරනවා.'
 
මම ලංකා පත්තරෙන්. වැඩකද ඉන්නෙ...?
'කියන්න. ප්‍රශ්නයක් නෑ.'
 
කොහොමද මැතිවරණ කටයුතු ?
 
'හොඳින් කරනවා. ප්‍රශ්නයක් නෑ.'
 
ප්‍රචාරක කටයුතුවලට ප්‍රතිචාර කොහොමද ?
'හොඳයි. අදත් අම්පාරෙ රැස්වීම් තමයි.'
 
2007 අවුරුද්දෙ ව්‍යාජ පාස්පෝට් ඒකක් භාවිතා කිරීම නිසා ඔබව බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත්ත නේද?
'නෑ. ඒ්ක වැරදි කතාවක්.'
 
(දුරකතන ඇමතුම විසන්ධි කෙරිණි. ඉන්පසු අවස්ථා ගණනාවකදී ඔහු ඇමතීමට උත්සාහ ගත්තද, දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප ලිපියක් පළකරන නිසා ඔහුගේ අදහස ලබාගැනීම අත්‍යවශ්‍ය බව,ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ පෞද්ගලික ලේකම්වරයෙකු මගින් දැනුම් දුන්නද, ප්‍රතිචාරය වෙනස් නොවීය.)
 
ශාලික විමලසේන
(ලංකා පුවත්පත - 2020. 07. 05)