Language Switcher

V2025

කොවිඩ් නැවත වරක් ඉස්මතු වුණේ විදේශිකයින් නිසාද ? 

කොවිඩ් මිනුවන්ගොඩ පොකුර හැදෙන්නේ ඇත්තටම මිනුවන්ගොඩ ජීවත්වුණු පිරිසගෙන්ද ?, නැත්නම්, ලෝකයේ එහා කෙළවරෙන් පැමිණ නිදහසේ හැසිරුණු විදේශිකයින්ගෙන්ද ?

තුර්කියේ ඉඳන් මෙරටට පහුගිය සැප්තැම්බර් 11 වැනිදා යුක්රේන ගුවන් කාර්ය මණ්ඩලයක් ඇවිත් තියෙනවා. මේ පිරිස 11 දෙනෙකුගෙන් යුක්තයි. ඔවුන් සීදූව පිහිටලා තියෙන තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙලා තියෙනවා. ගුවන්යානාවල මේ කාර්යමණ්ඩලය නිරෝධායනය වෙද්දී හෝටලේ කාර්යමණ්ඩලයත් නිරෝධායනය වෙන්න ඕන. 

ගුවන් කාර්යමණ්ඩලයේ නිරෝධායනය වුණු යුක්රේන ජාතිකයෙකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදනය වෙලා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කෙරෙනවා. මේ සිද්ධියත් එක්ක හෝටල් කාර්ය මණ්ඩලය වගේම අනෙකුත් ගුවන් කාර්යමණ්ඩලයේත් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරනවා. 

69 දෙනෙකු වුණු හෝටල් කාර්යමණ්ඩලයෙන් 18 දෙනෙක් ගෙදර ඉඳන් දිනපතා සේවයට පැමිණුනු අය වුණා. මේ කාර්යමණ්ඩලයත් නිරෝධායනය වෙන්න ඕන වුණත් හෝටලයේ පරිපාලනය කොවිඩ් නීති පිළිනොපැදීම නිසා මේ පිරිස ගෙදර ඉඳන් සේවයට ආවා ගියා. දිනපතා ගෙදර ආ ගිය පිරිසෙන් 5 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු වුණා.  ඒ අතර හෝටලයේ කෝකියා වග්ම ලොන්ඩරි භාර නිළධාරියත් හිටියා. 

මේ පිරිස පරීක්ෂාවට ලක්කරද්දී විශේෂ කරුණු කීපයක් හඳුනාගන්නට හැකිවෙනවා. මෙතෙක් ලංකාවෙන් වාර්තා වුණු කොවිඩ් වෛරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් ඒ වෛරසයේ අන්තර්ගතවී තිබෙන බව, කලින් වෛරසය ශරීරගතව තිබුණු 15 % - 18 % වගේ ප්‍රමාණයක්. නමුත්, මේ අයගේ 29 % - 31 % ක් වගේ ප්‍රමාණයකින් වැඩිබව තහවුරු වෙනවා. බ්‍රැන්ඩික්ස් සමාගමෙන් හමුවූ පළමු රෝගීන්ගේ වෛරස් ධාරිතාවත් 29 % - 31 ක් වගේ ප්‍රමාණයක් වුණා. අවසානයේදී විමර්ශන වලින් තහවුරු වෙන්නේ මේ හෝටල් කාර්යමණ්ඩලය, බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩලය සමග සම්බන්ධ වෙලා වෛරසය ආසාදනය වී තිබෙන බවයි. 

සිද්ධිය මෙහෙම වෙද්දී සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවුණු මිනුවන්ගොඩ, ජාඇළ, වත්තල, දිවුලපිටිය යන ප්‍රදේශ වල තත්ත්වයත් සලකා බැලිය යුතුයි. කොවිඩ් යටපත් වෙලා තිබුණු මැයි මාසෙන් පස්සේ දිවුලපිටිය, මිනුවන්ගොඩ හා ජා ඇළ ආදී ප්‍රදේශ වල මංගල උළෙලවල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙලා තියෙනවා. අනෙක් උළෙලවල් ගැන මෙහි සඳහනක් නොකළත් මීට අමතරව සිදුවුණු සුහද හමු, සාද ගැන අදහසක් ගන්න පුළුවන් නේද ?. 

ඒ වගේම මෙම වෛරසය ගැන වැඩිදුර කරුණු සොයා බලන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පවසන්නේ, මෙය ලංකාවේ දැනට තිබෙන වෛරස් තත්ත්වය වගේ නොව වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් සිරුරේ වැඩෙන වෛරස් ප්‍රභේදයක් බවත් එය පිටරටකින් පැමිණි එකක් බවට අනුමාන කළ හැකි බවත්ය.  

කොවිඩ් නැවත ඉස්මතු වෙන්න හේතුවුණු කරුණු නොසොයා යටපත්වී තිබුණු කොවිඩ් නැවත වරක් රට තුළ පැතිරවූ බවට බ්‍රැන්ඩික්ස් සමාගමට චෝදනා එල්ල කරන පිරිස් නොකරන්නේ මෙය ඉස්මතුවූවේ කොතැනින්ද යන වග සොයා නොබැලීමයි. ඒ පිටුපස තිබෙන්නේ කාට හෝ වරද පටවා තමන්ගේ හෘද සාක්ෂියෙන් නිදහස් වීමදැයි කියා අපිට නොසිතෙනවා නොවෙයි. 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found