Language Switcher

V2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන් සියදිවි නසාගෙන ! .වසර දොලහක් සපිරෙයි !

වර්ෂ 2008 ජනාවරි 8 රත්මලානේ අත්තිඩිය ප්‍රදේශයේ මහ දවල් අති අමානුෂික ලෙස ලසන්ත වික්‍රමතුංග නම් ගවේෂණාත්මක ජේෂ්ඨ මාධ්‍යවේදීයා  රාජකාරී කන්තෝරුව වෙත යමින් සිටියදී අධි ආරක්ශිත කලාපයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූයේය.
 
එහෙත් මේවන තුරුත් ලසන්තට  නීතියේ දිව්‍යාංගනාවගේ තුලාවේ සාධාරණය ඉටුවී නොමැත.
 
  අයුක්තියකට අසාධාරණයට වංචාවට දූෂණයට පන්හිද එසවූ ලසන්ත ඔබට සතුටුදැයි ඔහු සමග වැළලුන මාධ්‍ය සගයන් ඔහුගෙන් අසනා හඩ විශ්වයේ දෝංකාර දෙමින් ඇත.
 
ලසන්තලා පුරවැසියාගේ තොරතුරු අයිතීන් සහතික කරනට ගොස් නිරපරාදේ මගමග ලෙයින් සෝදා දැමුවද ඔහුගේ නිරුද්ධ ප්‍රාණය, ආත්මය වර්ථමානයේ සිදුවන හෙජමොනික දේශපාලනික සන්දර්භය දැක හඩාවැටෙනවා නියතය.
 
 ලසන්ත.., නුඹ කුප්‍රකට මිග් ගනුදෙනුව පිළිබද තොරතුරු හෙළිකළා..!
                            
අද වගකිව යුත්තෝ රජ ගෙදර සිට නුඹගේ ආත්මයද නැවත නැවතත් මරණයට පත්කරමින්  ඒ තුළ නුඹ හෙළිකළාවූ චූදියන්ට පහරන්නට ඉඩ දී ඇත.
 
ඔවුන් මේ ශ්‍රී ලංකා ධරණීතලයටම ඒකාධිපති උත්තමවාදයක් නිර්මාණය කරමින් මේ පුංචි කොදෙව්වේ පුරවැසියන් රසායනාගාර පරීක්ෂක මීයන් පොකුරක් සේ ග්‍රහණයට ගෙන ඇති අවදියක පන්හිදෙන් ජනතා පරමාධිපත්‍යයත් පුරවැසි අයිතීනුත් තහවුරු කරනට පෙරමුණේ ඉදිරියෙන් සිටි සැබෑ ජනතාවාදී මාධ්‍ය කරුවකු ලෙස ඔබේ නැති අඩුව තුරුලිය රහිත වූ වනාන්තරයක් වැනිය…
 
ජේෂ්ඨ මාධ්‍යවේදියාණනි,
 
ඔබ පැතූ ලොව නිර්මාණය ට එසවෙනා පන්හිඳක් පෙනෙනා තෙක් මානයක නොමැත. ජඩ මාධ්‍යකරණය තරයේ හෙළාදකින අප …...සාධාරණ ශිෂ්ඨ සම්පන්න සමාජයක සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය වඩ වඩාත් තහවුරු කරනට ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමටත් පසුබට නොවන අතර විශ්වයේ සදාතනික ධර්මතා ප්‍රකාරව " සත්‍ය කෙදින හෝ ජයගණු ඇත" යන්නට විරාමයක් තබමින්, 
 
ජේෂ්ඨමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන්ගේ අදටත් සාධාරණය ඉටු නොවූ සාහසික ඝාතණයේ පරීක්ෂණ පෙළගැස්මක් මෙසේ දක්වමු..
 
👉2010 පෙබරවාරි 26 - ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.
 
👉2010 පෙබරවාරි 26 - එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.
 
👉2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.
 
👉2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
 
👉2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා අධිකරණය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.
 
👉2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
 
👉2015 ජනවාරි 10 - බලයට පත්වූ නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය.
 
👉2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
 
👉2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.
 
👉2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.
 
👉 2016 ජුලි 16 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.
 
👉2016 ජුලි 27 - අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ලසන්ත ඝාතනයෙන් පසු දිනක තමන්ට තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
 
👉2016 සැප්තැම්බර් 27 - නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැණින.
 
👉2016 ඔක්තෝබර් 16 - "ලසන්ත ඝාතනය කළේ මම, එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න," සිය දිවි නසාගත් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකුගේ සාක්කුවේ තිබූ ලිපියක සඳහන් විය. නමුත්, මෙය පරීක්ෂණ නොමග යැවීමට කළ උපක්‍රමයක් බව පොලීසිය සැක කළේය. 
 
👉2016 දෙසැම්බර් 21 - ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති වූ සුහද කතාබහක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.
 
👉2017 ජනවාරි 21 - ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
 
👉2017 මාර්තු 20 - ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
 
👉2017 මාර්තු 20 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
 
👉2017 මාර්තු 27 - විදේශ මාධ්‍යවේදීන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් චෝදනා කළේ සරත් ෆොන්සේකාට බව පැවසීය.
 
👉2018 ජනවාරි 18 - ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. පරීක්ෂණයට අදාළව මේ වනවිට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
 
👉2018 පෙබරවාරි 2 - ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත අත්අඩංගුවට පත් විය.
 
👉2018 පෙබරවාරි 14 - සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර ද අත්අඩංගුවට පත්වුණේය.
 
👉2018 පෙබරවාරි 21 - ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරීක්ෂණ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය.
 
👉2018 මාර්තු 30 - ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
 
👉2018 ජුලි 2 - හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.
 
👉2018 නොවැම්බර් 18 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීමෙන් අනතුරුව දින කිහිපයක් තුළදී අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.
 
👉2018 නොවැම්බර් 20 - ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.
 
👉2019 අප්‍රේල් - සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළාය.
 
සුභ ගමන් ලසන්ත වික්‍රමතුංග ජේෂ්ඨ මාධ්‍යවේදියානෙනි ඔබට යුක්තිය ඉටුවේද????
 
sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 
මිලානෝ 
ඉතාලිය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found