Language Switcher

V2025

කොවිඩ් සමග ඇතිවන කලු පුස් රෝගය කුමක්ද?........

විවිධ ප්‍රබේද නිර්මාණය වෙමින් කොරෝනා වෛරසයේ දරුණු පැතිරීම සමග ඇතිවී තිබෙන black fungal infection හෙවත් කළු පුස් රෝගය පිළිබඳ අක්ෂි වෛද්‍ය අජිත් හෙට්ටිගම මහතා විසින් රෝගයේ ස්වභාවය පිළිබඳ වාර්ථා කළ විස්තරාත්මක ලිපියක මෙසේය...

මොකක්ද මේ කොවිඩ් රෝගය සුව වූ අයට වැලඳෙන black fungal infection .

ඔබ අසා ඇති මේ මොහොතේ විශේෂයෙන් ඉන්දියාවේ කොවිඩ් රෝගය වැලඳී සුවවූ අයට යම් පුස් රෝග තත්ත්වයක් ඇතිවනබව. එය මුහුණ ආශ්‍රිතව ඇතිවී ක්‍රමයෙන් මොලය දක්වා විහිදී එහි සංකූලතා නිසා රෝගියා මිය යා හැකි බව තමයි පැවසෙන්නේ .

රෝගය පිලිබඳව විශාල අවබෝධයක් විද්‍යාඟයින්ට තවම නැතත් දන්නා ප්‍රමාණය සාකච්ඡා කිරීමට සිතුනා. ඉන්දියාව හරහා මේ පුස් රෝගය විශාල ලෙස පැතිරෙන නිසා එය “black fungus “ epidemic ලෙස හඳුන්වා තිබෙනවා .

බොහොම හදිසියෙන් දකින මාරාන්තික ආසාදනයක් ලෙසත් ඔවුන් හඳුන්වනවා. මෙම රෝගය (mucormycosis or zygomycosis)ලෙසක් හඳුන්වන අතර වැලඳෙන අයගෙන් 50% ක් පමන මියයා හැකි බවද දැනට පෙනෙන්නට තිබෙනවා.

මෙම රෝග සාදන පුස්වර්ගය හඳුන්වා දෙන්නේ mucormycetes ලෙසයි . පසුගිය මාර්තු මාසයෙන් පසුව ලෝකයේ මෙවැනි රෝගීන් 41ක් හඳුනාගෙන තිබෙනවා කොවිඩ් ආසාදනයෙන් සුවවූවන් අතර.එයින් 70% ප්‍රමාණයක් ඉන්දියාවෙන්.

මෙහි රෝග ලක්ෂණ තමයි කොවිඩ් රෝගය සෑදීසුව වූවාට පසුව ඇතිවන හිසරුදාව,උන,ඇස්යට වේදනාව නාසය සහ sinuses ආශ්‍රිතව බර ගතිය , මුහුණ ඉදිමීම .සමහර විට ඇසක පෙනීම අඩුවීයාම ආදිය. මෙය විශේශයෙන්ම මුහුනේ ඇති sinuses ,මොලය සහ පෙනහලුවලට ප්‍රධාන වශයෙන් බලපාන බව පේනෙනවා.

ඒ වගේම ජීවිත තර්ජන විශාල ලෙස ඇතිවෙන්නේ දියවැඩියා සහ ප්‍රතිශක්තිකරණ පද්දතියේ දුර්වලතා ඇති අයට බවත් පෙනෙන්නට තිබෙනවා .

මේ පුස් වර්ගය තමා ප්‍රචාරනය සඳහා යොදා ගන්නා ‘fungal spore’ වාතයේ පවතිනවා.එය අපේ ඇඟේ ඇති කැපුම් ,පිච්චුන ස්ථානයක තුවාලයකින් හෝ කුමන හෝ සම කඩතොලු වෙච්ච තැනකින් ශරීරයට ඇතුළු වෙලා ආසාදනය ආරම්භ කරන්න පුලුවනි.

මෙම පුස්වර්ගය සාමාන්‍යයෙන් ජීවත් වන්නේ පසේ සහ මිය යන කාබනික කොටස් මත උදාහරණ විදියට දිරායන ශාකපත්‍ර,ශාකදේහ සහ කොම්පෝස්ට් පොහොර නිපදවන ගබඩාකරන ස්ථාන වල.

මෙම රෝගය ඇයි කොවිඩ් රෝගය සුවවූ අයට වැඩිවශයෙන් ආසාදනය වන්නේ කියන එකට නිශ්චිත පිලිතුරක් දැනට නැතත් එය කොවිඩ් ආසාදිත අයට ලබාදෙන Steroids නිසාත් ඒනිසා ඇතිවන තාවකාලික blood surger ඉහලයාම් සහ ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල වීම නිසා බවටත් පෙනෙන්නට තිබෙනවා.

ඒ සමගම දියවැඩියාව සහ ජානගත ප්‍රතිශක්ති දුර්වලතා පැවතීම රෝගය තීව්‍ර කරනවා.

කෙසේ වෙතත් මෙම ඔෂධය කොවිඩ් රෝගීන්ගේ ජීවිතය බේරාගැනීමට අත්‍යවශ්‍ය දෙයක් බව අමතක කලයුතු නෑ. මෙම රෝගය ගැන අවබොධයෙන් සිට කලින්ම රෝගීන් හඳුනාගැනීම කලයුතු වෙනවා. ඊට අමතරව මුහුනෙහි CT scan තුලින් sinuses වල ඇති පුස් හඳුනා ගත හැකි වෙනව. මේසඳහා ප්‍රතිකාරයක් ලෙස anti fungal drug එකක් Amphotericin භාවිතා කල හැකි වුවත් සෑම විටම වගේ ඇඟ ඇතුලේ ඇති පුස්රෝග වලට ප්‍රතිකාර කිරීම හරිඅසීරුයි.

මා දැක්කා ලංකාවේත් සමහර ප්‍රදේශයන්හි මෙම රෝගය ඇතිවෙමින් පවතින බව . අප ප්‍රවේසම් වීම ඉතා වැදගත් හේතුව ඉන්දීයාව සහ ලංකාවේ ඇත්තෙ සමාන භූ සහ දේශගුණික ලක්ෂණ නිසා. තවද මේ රටවල් දෙකේම කොවිඩ් වලත් සමානතා ඇතිනිසා.

ඔබට කොවිඩ් සෑදීමෙන් වැලකී සිටිය හැකිනම් මේ පුස් රෝගය ගැන කලබල විය යුතු නෑ.විශේෂයෙන්ම දියවැඩියා සහ ප්‍රතිශක්ති ඌනතා රෝගීන් ප්‍රවේසම් වන්න. .මම මේ සමග රෝගය වැලඳුන අයගේ පිංතූර කීපයක් අමුනනවා. එය ඔබට උපෙකාරී වේවි.

84d68a72 510f 46c0 8137 2cbfce978e9b

831fea28 c529 4f2b 8020 9b60ce64058a

bb45de66 1718 46a1 84ae 0bc38302c585

1965cfbf 6e2b 4b89 94ef 4f8d96db0295

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,

ඉතාලිය.