20 වන සියවසේ මුල් දශකවල දී, වනාන්තරවලට වැදී වන වැද්දන්ගෙ ජිවන සුවද අත්විදිමින් එවා සාහිත්‍ය ලෝකයට ගෙන ආ, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ගැන මතකය අවකිරිමක් මේ.
ඇය දිවයිනේ වනාන්තරවල ශබ්ද සහ එහි ජනතාවගේ හඬ සමග තවමත් පාථක මනස තුල දෝංකාර දෙන කෘති සමූහයක් දායාද කර නිහඩ ජිවිතකක් ගතකර අප අතරින් වියොවු අමරණීය චරිතයක් .
උපත, අධ්‍යාපනය, විවාහය සහ නැවත පැමිණීම
1912 වසරේ කොළඹ දී කීර්තිමත් ශල්‍ය වෛද්‍ය, මානව විද්‍යාඥ සහ පරිසර සංරක්ෂණවේදී ආචාර්ය ආර්. එල්. ස්පිට්ල්ට දාව උපත ලැබූ ක්‍රිස්ටීන් වනජීවීන් පිළිබඳ කතාවලින් වට වුණ පරිසරයක හැදී වැඩුණේ පියා ගේ සෙවණ යටතේ. ඇගේ පියා දිවයිනේ ආදිවාසී වැදි ජනතාව කෙරෙහි දැක්වූ ඇල්ම සහ වනජීවී සංරක්ෂණය කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ල ඇගේ පරිකල්පනයට බෙහෙවින් බලපෑවේ ය. ලංකාවේ හද්ද වන්නියේ වනාන්තරවලට වැදී ඔහු සමග ගවේෂණ චාරිකාවල යෙදුණු තරුණ ක්‍රිස්ටීන්, නිරීක්ෂකයකුගේ සහ කතන්දරකාරියකගේ තියුණු ඇසක් වර්ධනය කර ගත්තා ය. එය පසුව නවකතාකාරියක්, කලාකාරිනියක් සහ මානව විද්‍යාඥවරියක් ලෙස ඇගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීමට හේතු විය.
ආර්. එල්. ස්පිට්ල්
එංගලන්තයේ රෝඩියන් පාසලේ අධ්‍යාපනය ලැබූ ක්‍රිස්ටීන්, බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ විනය මත පිහිටමින් ඝර්මකලාපයේ හදිවැඩුණ මුල් බැසගත් ලේඛකයකුගේ සංවේදීතාව සමග ඇගේ ලේඛන දිවිය ගොඩනගා ගත්තා ය. 1944 දී මේජර් ඇලිස්ටෙයාර් මැක්නීල්-විල්සන් සමග විවාහවු ඇය ඔහු සමග නැගෙනහිර අප්‍රිකාවට ගිය අතර, එහිදී ඇය දශක දෙකක් ගෙවා පසුව ඇගේ ආදරණීය ශ්‍රී ලංකාවට නැවත පැමිණියා ය. එහෙත්, ඇය කොහේ ගියත්, ඇගේ හදවත ඇගේ උපන් දේශය වූ මෙරට හා බැඳී තිබුණි.
පියා ගේ පුරෝගාමී කාර්යය
ක්‍රිස්ටීන් ස්පිටෙල් විල්සන් සිය “ද බිටර් බෙරි, (තිත්තකෝපි ) “ද මවුන්ටන් රෝඩ්” සහ “අයි ඇම් ද වින්ග්ස්” යනාදි නවකතා තුළින් සොබාදහම, සංස්කෘතිය සහ මානව හැඟීම් විචිත්‍රවත් ආඛ්‍යානවලට ගෙතීමට ඇයට තිබූ හැකියාව හෙළි කරනු ලැබිණි. ඇගේ ලිවීම බොහෝ විට සංස්කෘතීක චර්‍යා හමුවීම, අවතැන් වීමේ තනිකම සහ මිනිස් ආත්මයේ ශක්තිය ගවේෂණය කළ බවයි විචාරකයින් පවසන්නේ. ඇගේ පළමු නවකතාව වන The Bitter Berry (1957), මාරාන්තික මෝටර් රථ අනතුරකින් සුවය ලබමින් සිටිය දී ලියා ඇති අතර, එය ඇගේ ඔරොත්තු දීමේ හැකියාව සහ නිර්මාණාත්මක අධිෂ්ඨානය පිළිබඳ සාක්ෂියකි.

“The Mountain Road” පසුව එය Die Strasse Nach Kashmir යන නමින් ජර්මානු භාෂාවට පරිවර්තනය කෙරිණි. ප්‍රබන්ධයෙන් ඔබ්බට, ක්‍රිස්ටින් සැබෑ ජීවිත පිළිබඳ වංශකථාකාරියක් ද වූවා ය. ඇගේ චරිතාපදානයක් වු “වනවැදුණ දොස්තර” ශ්‍රී ලංකාවේ වැද්දන් අතර සහ දිවයිනේ ස්වාභාවික උරුමය සංරක්ෂණය කිරීමේ දී ඇගේ පියාගේ පුරෝගාමී කාර්යය ඇගයුමට ලක් කළේය.
ඇගේ උනන්දුව කිසි විටෙකත් ලිවීමට පමණක් සීමා නොවූවා ය. ක්‍රිස්ටින්: චිත්‍ර ඇඳීම, මූර්ති කිරීම සහ පිඟන් මැටි සමග වැඩ කළ අතර, අනූ ගණන්වල දී පවා ඇගේ ප්‍රදර්ශන පැවැත්වීය. 2009 දී, වයස අවුරුදු 97 දී ඇය මිය යෑමට වසරකට පෙර, ඇය කොළඹ දී ඇගේ සිතුවම් සහ මැටි භාණ්ඩ ප්‍රදර්ශනය කළා ය. ඇගේ ජීවිත කාලය පුරාම කලාත්මක කුතුහලයට කැපී පෙනෙන සාක්ෂියකි.
හොඳ සිංහල කතාකරන්නිය
ඇය උපන් ශ්‍රී ලංකාවට එහි ජනතාවට අතීශයෙන් ම ආදරය කල ඇය සමග මා කල රුපවාහිනි සාකච්චාව කිසිදා අමතකල නො හැකි පාඩමකි. දුරකතයෙන් කතාකර හමුවිමට දිනයක් වේලාවක් ඉල්ලාසිටි විට පැය භාගයක් ලබාදීමට ඇය එකගවූයේ අසනීප තත්ත්වය හෙතුවෙනි. නිශ්චිතවේලාවට ම මා ඇය ගේ නිවසෙ ගේට්ටුවෙන් අතුලුවන විට ඇය ද ඉතා අලංකාර ලෙස සැරසී ඉංග්‍රීසි පන්නයට සැරසුණ සාත්තු සේවිකාවක සමග සාලයට පැමිණියා ය. පැය භාගය පැය දෙකකට ආසන්න කාලයක් කරා ඈදි ගියේ ය. නිර්ලෝභීව එවැනි කාලයක් මා වෙනුවෙන් වෙන් කිරීමට ඇය පෙළෙබවූ කරුණු ලෙස මා විශ්වාශ කරන්නේ මාධ්‍යකරුවකු ලෙස වේලාවට වැඩකිරිම පුද්ගලයකු හමුවීමට පෙර ඔහු හෝ ඇය ගැන හදාරා සාකච්චාවට මුල පිරිමට මා ලබා තුබු පුරුද්ද ලෙස මට සිතේ.

සංස්කරණයේ දී ඉංග්‍රිසි ඉවත් කර සිංහල ප්‍රශ්න සහ පිළිතුරු තියා ගතිමි. වැඩ සටහන විකාශයෙන් පසු ඇය මා අමතා පැවසුවෙ “හපොයි ඔයා මාව හොඳ සිංහල කතාකරන්නියක් කරලා” කියලයි .(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..


