ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටිය දී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) බත්තරමුල්ලේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
වත්මන් රජයේ නායකයින් පසුගිය කාලයේ “ඉන්ධන මිල සූත්‍රය” සහ බදු ගැන කළ ප්‍රකාශ රැසක් මෙහි දී හඬපට මගින් ප්‍රදර්ශනය කරමින් අදහස් දැක්වූ වීරවංශ කියා සිටියේ එදා වැට් බදු සහ අනෙකුත් බදු ඉවත් කර පාරිභෝගිකයාට සහන දිය හැකි බව කී නායකයින්, අද බදු බර තවත් වැඩි කර ඇති බවයි.
මතු පළ වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
