වැඩිහිටියන් සමාජයට බරක්නොවී සම්පතක් කරගන්නේ කෙසේද ?

වැඩිහිටියන් සමාජයට බරක්නොවී සම්පතක් කරගන්නේ කෙසේද ?

වැඩිහිටියන් බලා ගැනීම දරුවන් ගේ වගකීමක් ලෙස අප සමජයේ තවමත් සලකයි.

නමුත් එය රටකට ආර්ථික හෝ සමාජීය බරක් ලෙස සලකන්නේ නම් එය සත්‍යයක් නොව යථාර්ථයක් බවට පෙන්වන කල්පිතයකි. එසේ සිදුවී ඇත්නම් එමගින් පැහැදිලිවන්නේ එය රටක “ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක්” බවයි සමාජ ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ. සැබැවින් ම ලොව පුරා, වේගයෙන් වර්ධනය වන වයස්ගත ජනගහනයක් සිටින රටවල් මේ ප්‍රශ්නයට දෙයාකාරයකට මුහුණ දෙමින් සිටියි.

jpn

 

ජපානයේ ක්‍රමය

වැඩිහිටි පුරවැසියන් කොන් කිරීම වෙනුවට ඔවුන් අර්ථවත් ලෙස සමාජගත කිරිමට සැලසුම් කිරීම එක් ක්‍රමයකි. දෙවැනි ක්‍රමය තෝරා ගන්නා අය ප්‍රකාශ කරන්නේ වයසට යාම ඥානවන්තව කළමනාකරණය කරන්නේ නම් එය බරක් නොවන ලෙස පවත්වාගන යෑමට හැකි බවයි. ලෝකයේ පැරණිතම මෙන්ම දියුණුතම සමාජවලින් එකක් වන ජපානය මෙහි දී එක් ආදර්ශයක් ලෙස අපට ගත හැකියි. මෑත කාලීන රජයේ දත්තවලට අනුව, ජපානයේ ජනගහනයෙන් 29.3% ක් පමණ වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය වන අතර, එය ලෝකයේ වැඩිහිටි පුද්ගලයින් වැඩිම ප්‍රතිශතයක් සිටින රටවලින් එකක් බවට පත්වේ. වැඩිහිටි පුරවැසියන් විශාල ලෙස වර්ධනයවන ‍රටක් ලෙස , ජපානයේ එය සමාජ බිඳවැටීමකට හෝ දරාගත නොහැකි ආර්ථික ගැටලුවක් බවට පත් නොවිමට හේතුව ඔවුන් වයසට යෑම අර්තගන්වන ආකාරය අනුව බවයි ප්‍රකාශවන්නේ. මහලු වියට පත්වීම නැත්නම් විශ්‍රාම ගැනීම, සමාජයෙන් ඉවත්වීමක් ලෙස නොව, ඔවුන් එතෙක් විවිධ ආකාරයෙන් සමාජයට දැක්වු දායකත්ව වෙනත් අතකට මාරුවීමක් ලෙස සැලකීම මෙම ක්‍රමයයි.

w1

වැළැක්වීමේ ප්‍රජා සෞඛ්‍ය සේවා

මෙහි දී එක් ප්‍රධාන ප්‍රතිපත්තියක් වන්නේ “විශ්‍රාම යෑමෙන් පසු නම්‍යශීලී වැඩ” වෙත මාරු වීම යි. බොහෝ ජපන් වැඩිහිටියන්ට පාසල්, පුස්තකාල, පළාත් පාලන ආයතන සහ කුඩා ව්‍යාපාරවල අර්ධකාලීනව සේවය කිරිමට අවස්ථාව උදාවේ. මෙම රැකියා සඳහා ශාරීරික ශක්තිය වැදගත් නොවේ. නමුත් ඔවුන්ගේ අත්දැකීම් සහ අධිෂ්ඨාන ශක්තිය මත එය රඳා පවතී. මෙමගින් විශ්‍රාම වැටුප් පීඩනය අඩු කරයි, වැඩිහිටියන් මානසිකව ක්‍රියාශීලීව තබා ගනී, සහ ඔවුන් ජීවිත කාලය පුරා රැස් කරගත් දැනුමෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසයි. වැඩිහිටියන් යැපෙන්නන් නොව දායකයින් ලෙස තවදුරටත් පවතී. තවත් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ “වැළැක්වීමේ ප්‍රජා සෞඛ්‍ය සේවා” ය. අද වැඩිහිටියන් ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඒ අතර ඔවුන් ගෙන් ආර්ථිකයට ප්‍රබල දායකත්වයක්ද නොලැබේ. මේ නිසා රෝහල්වලින් මිල අධික සත්කාර ලබා දීම වෙනුවට, පූර්ව සෞඛ්‍ය නිරීක්ෂණ, දෛනික කණ්ඩායම් ව්‍යායාම සහ ප්‍රජා මධ්‍යස්ථානවල පවත්වනු ලබන නිතිපතා පරීක්ෂා සඳහා ආයෝජනය දිරිමත් කරයි. මෙමගින් දිගු කාලීනව වෛද්‍ය වියදම් ක්‍රමානුකූලව අඩු කරයි. ප්‍රතිකාර නොව වැළැක්වීම, වයසට යාමේ ආර්ථික ගටලු අවම කිරිමේ තර්කනය බවට පත්වේ.

වැඩිහිටි 02

ආච්චිලා සියලා මුනුබුරු මිනිබිරයන් බලාගත යුතු ද...?

අනෙක් වැදගත් කරුන වන්නේ වැඩිහිටියන් “රැකබලා ගන්නන්” ලෙස ද පිළිගැනීම යි. විශේෂයෙන් ම ආසියනු රටවල ආච්චිලා සීයලා සිය බුණුබුරු මිණිබිරයන්ට රැකවරණය ලබාදීමෙන්, ඔවුන්ගේ පවුල්වල ස්ථාවරත්වය පවත්වාගෙන යෑමටත් වටිනාකම් පුරුදු පුහුණු කිරීම සඳහාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම නොගෙවූ නමුත් අත්‍යවශ්‍ය ශ්‍රමය දළ දේශීය නිෂ්පාදිතයේ ගණනය කිරීම්වල කිසි විටෙකත් නොපෙන්වයි, නමුත් එය නොමැතිව, බොහෝ පවුල් ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටියි. ඇතැම්විට දරුවන් ලැබුණ පසු කාක්තාවන්ට රැකියාවල් අත් හැරීමට සිදුවේ. නමුත් ශ්‍රී ලංකාවට දැනටමත් මෙම සංස්කෘතික වාසිය ඇත, ආච්චිලා සියලා මුනුබුරු මිනිබිරයන් බලාගත යුතුය යන සංස්කෘතික පෙලඹවීමක් තිබේ. නමුත් එම සේවාව ආර්තිකමය ලෙස ප්‍රතිපත්තියමය වශයෙන් තවමත් විධිමත් ලෙස අප පිළිගෙන නොමැත.

gr1

වැඩිහිටි ප්‍රජාව සමාජ ආර්ථික ගැටලුවක් නොවීමට නම්...

තාක්ෂණය ද තවත් වැදගත් සාධකයකි. එය ජපානය බඳු රටවල් බුද්ධිමත්ව භාවිතා කරයි. එමගින් වැඩිහිටියන් හුදකලා නොකර ඔවුන්ගේ, ස්වාධීනත්වයට සහාය වීමට ටෙලිමෙඩිසින්, හදිසි අනතුරු ඇඟවීමේ පද්ධති සහ ජංගම මතක් කිරීම් වැනි සරල ඩිජිටල් මෙවලම් හදුන්වා දීම තුළින් ඔවුන් ගේ ආරක්ෂාව සහ ගෞරවය වැඩි දියුණු කරන අතර ම අන් අය ගෙන් යැපීමට අවශ්‍ය බර ද අඩු කරයි. නිවසක හුදකලාව සිටින මවක් පියෙක් පිළිබඳව රාජකාරි අතරම පහසුවෙන් සොයා බැලිය හැකි ය. මේවා ජංගම දුරකථන වඩාත් ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ද, අඩු වියදමකින් හඳුන්වා දී ප්‍රධාන වෙනසක් ඇති කළ හැකි ය. දරුවන් මත පැටවී ඇති පීඩනය අඩු කළ හැකි ය.

එසේ නම්, සැබෑ ගැටලුව වන්නේ වයස්ගත වන ජනගහනය නොවේ. තරගකාරි සමාජයක, ඵලදායිතාව සහ ලාභය හරහා පමණක් මානව වටිනාකම මණින පුළුල් දැක්මක් ඇති ක්‍රමවේද බවයි අද බොහෝ සමාජ විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ. අවසානයේ, ආර්තිකමය ලෙස බැලුවත් ප්‍රශ්නය වන්නේ වැඩිහිටියන් නිසා අපට කොපමණ පිරිවැයක් දැරිමට සිදුවේද යන්න නොවේ. ඔවුන් සමාජයට පලදායි ලෙස එකතුකර ගැනීමට අපොහොසත් වූ විට අපට කොපමණ මුදලක් අහිමි වේද යන්නයි. මේ නිසා මෙය තව දුරටත් සමාජ ආර්ථික ගැටලුවක් නොවීමට අවශ්‍ය සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන සිතිමට කාලය එලඹ තිබේ.

 

T. M. G. chandrasekara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න