Image

කාන්තාවන් ඝාතනයට ලක් වන්නේ ඔවුන් ගේ ම වරදින් ද...?

කාන්තාවන් ඝාතනයට ලක් වන්නේ ඔවුන් ගේ ම වරදින් ද...?

කාන්තාවක් අවිවාහකව සිටීම, විවාහයකින් තොරව ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ ලැඟුම්හලක සිටීම ඇයව ඝාතනය වීම සාධාරණීකරණය සඳහා හේතු නොවේ. වසර කිහිපයකට පෙර වේල්ල වීදියෙන් හිස නැති කාන්තා මළසිරුරක් හමුවූ පසුව ද ඇය ඝාතනය වීම සාධාරණීකරණය කරන වින්දිතයාට පරිභ්‍රව කරන රැල්ලක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වූ බව අපි දුටුවෙමු. එලෙස ම තෙල්දෙණිය ප්‍රදේශයෙන් සිරුර හමුවූ ඒ මියගිය කාන්තාව ද ඇය නීතියට වෙට්ටු දමමින් සංවිධානාත්මකව මූල්‍ය වංචා සිදුකරන වෙස්වලාගත්තෙකු ගේ ගොදුරක් බවට පත්වූ බව වාර්තා වෙමින් තිබිය දී පවා පරිභවයට ලක් වෙමින් තිබෙන්නේ ඉතා නින්දිත අයුරිනි.

විවාහ වූ පමණින් ම කාන්තාව ගේ ප්‍රශ්න නිාකරණය වෙනවා ද...?

සමාජයේ නියම කර ඇති වයසට විවාහ නොවී සිටින්නේ නම්, විවාහ නොවී ලිංගික සබදතා පවත්වයි නම් ඒ කාන්තාව සමාජයෙන් ඉවත්ව යා යුතු බව බොහෝ පිරිස් විශ්වාස කරන දෙයකි. මෙය කාන්තාවන් අපයෝජනය වූ විට හෝ ඝාතනය වූ විට බොහෝ විට අපට අසන්නට ලැබෙයි. නමුත් මේ කතාබහ පවතිද්දී අප අවධාරණය කරගත යුත්තේ කසාදයක් හරහා මේ ගැටලුව විසඳෙන්නේ ද යන්නයි. 2024 දී ළමා හා කාන්තා කාර්‍යංශයේ දත්ත උපුටාගනිමින් සන්ඩේ ඔබ්සර්වර් වාර්තා කර ඇති පරිදි 2020 වසරෙන් පසුව වසර 4ක් පුරා මෙරට කාන්තාවන් 350 දෙනෙකු ඝාතනය වී ඇති අතර එයින් 100 දෙනෙකු පමණ ඝාතනය කර ඇත්තේ ඇය ගේ ස්වාමිපුරුෂයා හෝ සහකරුවා විසිනි.

'අපරාධය' යනු අපරාධයක් ම ය

අවිවාහක හෝ වේවා, ලැගුම් හලක සිටියේ හෝ වේවා, වෙනත් සබඳතාවක් තිබුණේ හෝ වේවා කිසිවෙකුත් ඝාතනය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එය අපරාධයකි. අපරාධවලට අනුබල දීම ද දිරිමත් කිරීමද අපරධයක් වේ. ඒ නිසා වින්දිතයාව තව තවත් ඝාතනය නොකරන සංවේදී මෙන්ම වගකීම් සහිත සමාජ මාධ්‍ය භාවිතයක අප යෙදිය යුතු ය.

යම් දරුවෙකුට හෝ කාන්තාවකට යම් ගැටලුවක්, බලපෑමක් හෝ ඔබට උපකාර අවශ්‍යයැයි සිතෙන අවස්ථාවක් වුවහොත් පහත දුරකතන අංක  සහ විස්තර ප්‍රයෝජනවත් වනු ඇත.

Ministry of Women and Child Affairs

5th Floor, Sethsiripaya Stage II, Battaramulla, Sri Lanka.

Helpline

1929 - Children Helpline

1938 - Women Helpline

1919 - Government Information Center

මනෝසාමාජීය සහය සදහා

National Mental Health Helpline

1926

Sri Lanka Sumithrayo

0112 674 436

CCCline

1333

Dulanjaya Mahagamage

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න