දෙරණ මුදලාලි සමඟ දේශපාලන දිවියේ 20 වසර සැමරූ ඇමති සාගල !

දෙරණ මුදලාලි සමඟ දේශපාලන දිවියේ 20 වසර සැමරූ ඇමති සාගල !

වරාය නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ දේශපාලන ජිවිතයට ඊයේ (10) දිනට වසර 20 ක් සම්පූර්ණ විය.

ඒ නිමිත්තෙන් ඊයේ දහවල් අරලියගහ මන්දිරයේ සාදයක් සංවිධානය කර තිබූණි. එය අග්‍රාමාත්‍ය මාධ්‍ය මෙහෙයුම්කාරිණි ඉෂිනි වික්‍රමසිංහ සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමනාකරු ලසන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය සංවිධානයකර තිබුණි.

මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ඇමති සාගලගේ සමීපතමයන් ඇතුළු පිරිසක් ආරාධනා ලැබී ඇත. තම සහෝදර දේශපාලඥයන් කැඳවීම කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජයට උදේ හවස අවලාද නගන දෙරණ නාලිකාවේ ප්‍රධානී, දිලිත් ජයවීර හට ආරාධනා කිරීමට ඔවුන් අමතක කර නොතිබිණි.

රට තුල ජාතිවාදය අවුලන චෝදනාව මත රජය මිට පෙර දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා වෙත ආණ්ඩුවේ දැන්වීම් ලබාදීම තනම්කර තිබියදී මෙලෙස රටට සහ වික්‍රමසිංහ ආණ්ඩුවට උදේ හවස පහර පිට පහර එල්ලකරන දිලිත් ජයවීර වැන්නවුන් අරලියගහ මන්දිරයට වද්දාගෙන පාටි දැමීම පාක්ෂිකයන්ට කොකා පෙන්වීමක් නොවන්නේද, ඇමති සාගල කෙසේවෙතත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ අභිමුවට දිලිත් ගෙන්වමින් දිලිත්ගේ මඩ සෝදා හරින්නේ කවුරුන්ද, කාගේ උවමනාවටද යන්න පාක්ෂිකය පමණක් නොව සමස්ත රට වසින්ම දැනගත යුතු කාරණයකි. නොයෙසේනම් එකී නාලිකාවට ලබාදී ඇති දැන්වීම් තහනම සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ තහනම නොතකා මෙලෙස ප්‍රසිද්ධ උත්සවයකට ඔහු කැඳවන්නේ කාගේ හයි හත්තියකටද යන්න පැනනැගෙන ගැටලුවයි.

දිලිත් සමඟ නොව වෙනත් ඕනෑම කෙනෙකු සමඟ පාටි එකක් නොව දහයක් දැම්මට අපටනම් කම් නැත. එහෙත් රටේ ජනතාවට එකක් කියා. මන්දිරවල තවත් යමක් කිරීම ජනතාවට විහිළු සහගත කාරණයක් මෙන්ම පාක්ෂිකයාගේ සිත් අමනාප කරවන කාරණයක් බැවිනි. මිට පෙර 2018 පළාත් පාලන මැතිවරණයේදීද ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය දිලිත්ගේ ප්‍රචාරණ ආයතන සමඟ කටයුතු කරනු අපට දැකගත හැකිවිය.එම මැතිවරණයෙන් එජාපය අමතක නොවන පරාජයක් රට තුල ලබාගත් අතර එය අමතක වූවාක් මෙන් නැවත ඔහු සමඟ මන්දිරවල පාටි දැමීම දේශපාලන ඩීල් කෙරුවාවේ නිරුවත ලොවට කියාපෑමකි. කවුරුන් විසින් කාගේ උවමනාව මත මෙම පුද්ගලයා ගෙන එනු ලැබුවද ගෙන එන්නේ කොතැනටදැයි වත් නොසිතා සිදුකල මෙම ක්‍රියාවට මෙන්ම මිට පෙර මෙන්ම ඉදිරියටද මෙවැන්නන් සමඟ ඩීල දමමින් පක්ෂයේ පරාජය කරා එක්සත් ජාතික පක්ෂය ගෙනයාමට උත්සහ දරන්නන් මිට වගකිව යුතුය. මිට වගකිව යුත්තේ වෙනත් කවරෙක්වත් නොව මෙකි උත්සවය සංවිධානය කල සංවිධායක මණ්ඩලය බව පැහැදිලිවම කිවයුතුය.

  • එක්සත් ජාතික පාක්ෂික හඬ
  • {gallery}sagala20{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න