යෝගේ විවාහය අද : ජනාධිපතිගේ තෑග්ග වේලාසනින් !

යෝගේ විවාහය අද : ජනාධිපතිගේ තෑග්ග වේලාසනින් !
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණ.
 
ඔහුගේ අත ගත් මනාලිය වූයේ  තිතීෂා ජයසේකරය.
 
මීට ආසන්නව සිදුවූ සිදුවීමක් වන්නේ 2016 වසරේදී සේවය අත්හිට වූ යෝෂිත රාජපක්‍ෂ වෙත  ආරක්‍ෂක අමාත්‍ය ජනාධිපති සිරිසේන විසින් පසුගියදා නැවත සේවයේ පිහිටවනු ලැබීමය.
 
අනතුරුව ඔහුව  ලුතිනන් යෝෂිත රාජපක්‍ෂව තාවකාලික ලුතිනන් කමාන්ඩර් තනතුරට උසස් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර  සඳහන් කළේය.
 
එම තනතුරේ අවශ්‍ය සුදුසුකම් සම්ර්පූර්ණ කිරීමෙන් පසු ලුතිනන් කමාන්ඩර් යන තනතුර ස්ථිර වශයෙන් හිමිවන බවද හෙතෙම පවසා සිටියේය.
{gallery}yoshi-wedding{/gallery}
 

 

 

 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න