ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය (ITF - International Transport Workers' Federation) සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන, ප්‍රවාහන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විණි.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (15) සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙන අතර ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරමින් රටවල් 60 ක වෘත්තිය සමිති නියෝජිතයින් 90ක් සහභාගී වූහ.
මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් Mr.Stephen Cotton, Incoming President Mr.Frank Moreel, Future Of workers Director Ms. Baker Khundakji, Youth Section Ms.Preethi Singh, Future of Works Advisory Group chair Mr.Horacio Calculli සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමයේ විධායක නිලධාරි බෝවා අතුකෝරාල ද එක්ව සිටියහ.
ප්‍රවාහන කේෂ්ත්‍රයේ කටයුතු කරන පුද්ගලයින් සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති වැදගත්කම මෙන්ම එහි දී කටයුතු කළ යුතු නිර්ණායකයන් පිළිබඳ මෙම සමුළුවේ දී දැනුවත් කරයි.





මාධ්‍ය අංශය - වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
