වරාය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වෙයි - වසන්ත බණ්ඩාර

 වරාය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වෙයි - වසන්ත බණ්ඩාර

අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විමින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් වන අතර පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දීද මෙම නිලධාරීන් වරාය සම්බන්ධ තීන්දු තීරණ ගත් බවත් පවසා ඇත.

මෙම පාවාදීම කලහොත්  වරාය සම්බන්ධ ප්‍රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇතැයිද ජාතික සංවිධින එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර වැඩිදුරටත් පවසා ඇත.

විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ !

මේ අතර අද (13) නැගෙනහිර වරාය වෘත්තීය සමිති සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ඊට සහභාගී වූ වෘත්තීය සමිති පවසයි. එසේම ජනාධිපති මාධ්‍ය අංශය ද මේ සාකච්ඡාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.

136439521 10222179721974680 2314494093417688145 o

 හරි වැඩේ ජාතික සංවිධාන වලට වෙන්නේ !

gunadasa wasantha 1000px  කොහොම නමුත්  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය පිහිටුවන විට පැවති තත්ත්වයේ වෙනසක් ජනාධිපති සමඟ වූ සාකච්ඡාව තුල සිදුව නැත.

 වෛද්‍ය වසන්ත බණ්ඩාර සංවිධායක  ජාතික සංවිධාන එකමුතුව යනු යහපාලන සමයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය කිරීමට ගෙනෙන PPP ව්‍යාපෘති සම්බන්ධව දැඩි විරෝධයක් දැක්වූ සංවිධානයකි. එය ඔවුන් හැඳින්වුයේ බටහිර අධිරාජ්‍යවාදීන්ට දේශීය සම්පත් කොල්ලකෑමට අවස්ථාව දීමක් ලෙසය. වත්මන් ජනාධිපති ප්‍රමුඛ පොදුජන පෙරමුණ පාලනය බලයට ගෙන ඒමට ඔවුන් බරපතළ මැදිහත්වීමක් කළේද එජාප යේ ඒ ආර්ථික උපාය මාර්ග හකුළුවන්නට කියමින්ය.

එවැනි පසුබිමක ඔවුන්ගේ වත්මන් ප්‍රකාශ පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුව කියා වෙනසක් නැති බවද ? ජාතිකවාදී සංවිධාන වල කාර්යය මේ ආණ්ඩුව හරහාම අතාර්කික වෙමින් යනවාද ? ජාතික සංවිධාන එකමුතුව වැනි සංවිධාන ක්‍රියාකාරීන්ට පැස්බරා වැල්ලේ හිස හංගාගත් ආකාරයට ඉන්න වෙයිද ? බොහෝ දෙනෙකු පසුවන්නේ මේ ගැන අවධානයෙන්ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න