ජනපති පැනවූ පාම් ඔයිල් තහනමත් : එඩිට් කර රිවර්ස් කරයි !

ජනපති පැනවූ පාම් ඔයිල් තහනමත් : එඩිට් කර රිවර්ස් කරයි !

කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එහිදී ඔහු සඳහන් කර සිටියේ  මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකි බවය.

දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බවත් පාම් ත‍ෙල් සඳහා විදේශයට යන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. කෙසේ වුවත් පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක මේ ගැන සඳහන් වූයේ මෙසේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ. ඊට අදාළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනද මෙසේය.

got

ඒ අනුව නම් පෙන්නුම් කෙරෙන්නේ "අවශ්‍යතා මත හෝ පාම් ඔයිල් ආනයනය කිරීමට ඉඩදීමක්" ජනාධිපති නියෝගයේ නොමැති බවය.

ඒ අනුව ජනාධිපති ගනුලැබූ තීන්දුව එඩිට්වී රිවර්ස් වූ බවක් ඇතැයි සමාජ මාධ්‍ය තුළත් අදහස් පළවෙමින් තිබේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න