ජනපති දකුණු කොරියාවට

ජනපති දකුණු කොරියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(27) මීට ස්වල්ප මොහොතකට පෙර එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 348 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතවීම සඳහා ඒ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවන බව සඳහන්ය.

ජනාධිපතිවරයා 29 වනදා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වී පාර්ශවීක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.

එමෙන්ම දකුණු කොරියාවේ ව්‍යාපාරික හමුවකට සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැළසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න