Language Switcher

Ad

Ad 01

V2025

ආණ්ඩුව දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළයි

කොරෝනා වසංගතය ලෝකය පුරා යළි වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර මෙරට සෞඛ්‍ය අංශ ද අනතුරු අඟවා තිබියදී ලබන සඳුදා සිට සියලු පාසල් දරුවන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටී.

මේ වෙනුවෙන් පාසල්වලට නව නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වාදී ඇති බවට ප්‍රචාරය කළද මේ දක්වා එවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග කිසිවක් පාසල්වල නොමැති බව අනාවරණය වේ. ජනවාරි 03 වෙනිදා සිට සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවූ ආණ්ඩුව සියලු පාසල් දරුවන්ද 10 වෙනි සඳුදා සිට පාසල්වලට කැඳවා තිබේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රබේදය ඇතුළු කොරෝනා වෛරස් ප්‍රබේද මෙරට තුළ යළි වේගයෙන් ව්‍යාප්තවීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන පසුබිමක සියලු රාජ්‍ය සේවකයින් සහ සියලුම පාසල් දරුවන් කැඳවීම සිදුකර ඇත.

පාසල් පංති කාමරවල උපරිම සීමාව කොරෝනා වසංගතයට පෙර 40ක් වූ අතර කොරෝනා වසංගතය අතරතුර ආණ්ඩුව එම සීමාව 45 දක්වා ඉහල දැමීය. මේ නිසා පංති කාමර තුළ දුරස්ථභාවය කිසිසේත්ම පවත්වා ගත නොහැකි පසුබිමක් පවතී. යළි පාසල් පටන් ගැනීමෙන් පසුව මේ දක්වා පංතියේ සිසුන් සංඛ්‍යාව දෙකට බෙදා වරින් වර කැඳවා ගත්තද, සියලුම සිසුන් කැඳවීමෙන් පසුව පෙර පවත්වා ගත් සමාජ දුරස්ථභාවයද අහෝසි වෙනු ඇත.

මේ වනවිට අසල්වැසි ඉන්දියාව ඇමරිකාව ප්‍රංශය සහ බ්‍රසිලීය ඇතුළු රටවල් යලි වසා දැමීමේ තත්වයට පත්වී තිබෙන පසුබිමක මෙරට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ක්‍රියා කරනවා වෙනුවට මෙ වනවිට ද බිඳ වැටී තිබෙන සමාජ දුස්ථභාවය ඇතුළු අනෙකුත් නිරෝධායන නිර්ණායක බිඳ වැටී තිබියදී පාසල් දරුවන් සියලු දෙනා යලි එකවර කැඳවීම කර ඇත.

 lankatruth