ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එළඹ ඇති බව වාර්තා වෙයි.
බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය.
කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලයටද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බවද අමාත්‍යවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
