මෝටර් රථ ගෙන්වීමට ජනවාරි මස සිට අවසර

මෝටර් රථ ගෙන්වීමට ජනවාරි මස සිට අවසර

වාහන ආනයනය පිළිබඳව රජයේ සැලසුම් මෙම සතිය තුළ රජය විසින් ඉදිරිපත් කරනු ඇති බව ත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය 2025 ආරම්භයේදී ලබා දෙනු ඇති බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙයි.

එම අරමුදල සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9කට ආසන්න මට්ටමකින් ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු බවට එකඟ වී ඇති පියවර අතර වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීම ද ඇතුළත් කර ඇත.

ඒ අනුව සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර ඒ අනුව නුදුරේදී ම වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් වනු ඇති බවත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් වනු ඇති බව ත් වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න