ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි ට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි ට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව එම මණ්ඩලය නිවේදනය කරයි.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සළකනු ලබයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිත අතර තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද සැලැසුම් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න