අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ පිළිබද සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනක දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති හරහා බවයි.
එසේම රටේ ජනාධිපතිවරයා ලෙස තමන් එය දැනගත යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව තමා එය දැනගැනීම අපරාධයක් නම්, නීති විශාරදයෙක් වන රනිල් වික්‍රමසිංහට නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් ද පවතින බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
