'විපක්ෂය එක්ක සාකච්ඡා හවුලකට නොව මර්දනයට එරෙහිවයි’- හර්ෂණ රාජකරුණා

'විපක්ෂය එක්ක සාකච්ඡා හවුලකට නොව මර්දනයට එරෙහිවයි’- හර්ෂණ රාජකරුණා

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.

සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන මැතිවරණවලට මුහුණ දීමට සමගි ජන බලවේගයට බලාපොරොත්තුවක් නැති බව ද ඔහු කීවේය.

අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

මැතිවරණයක් ආසන්නයේ එම පක්ෂ හා කණ්ඩායම්වලින් පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් තවත් පිරිසක් වෙන වෙනම මැතිවරණවලට මුහුණ දෙනු ඇති බවත් මන්ත්‍රිවරයා කීය.

ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජන බලවේගය එකතු වීමට කටයුතු කරන බව ඔහු කීය.

ඒ අනුව, මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලබන බව රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයත් ලැබී ඇති බැවින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නිහඬ කරමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

The leader.lk

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න