Language Switcher

Ad

Ad 01

V2025

අද සිට දැඩි වෙන වාහන නීතී..

අද (08) දිනයේ සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදි පරීක්ෂා කරන අතර ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීති විරෝධී සවිකිරීම් හා ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කළේය.