අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.
වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.
මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.