Language Switcher

Ad

Ad 01

V2025

අකුරට වැඩකිරීම තීව්‍ර කරන ලකුණු

අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

ඒ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබු අතර එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 4 වනදායින් ආරම්භ කළේය.

අදට දින 11 ගත වුවද සිය ගැටලු වලට බලධාරීන් විසදුම් ලබා දීම හෝ සාකච්ඡාවක් ලබා දීමට පවා අපොහොසත් වී ඇති බවත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටි.