සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබෙන අතර ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය.
සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී ඇත.
ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය.
එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය.
පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර ඒ මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටීම හේතුවෙනි.