එළඹෙන 27 වැනි දා ජනපති ජපානයට

එළඹෙන 27 වැනි දා ජනපති ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ඒ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුවයි.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවත් ජනාධිපතිවරයා විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ව තිබේ.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපතිවරයා මෙහිදී ඇමතීමට නියමිතව ඇති අතර 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස එක්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනය සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වනු ඇත.

මෙම ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උරුමය සහ ආර්ථික හැකියාවන්ද විදහා දැක්වීම අරමුණු වනු ඇත.

තවද මෙමම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද ඇමතීමට නියමිතව ඇති බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද එක්වීමට නියමිතව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න