හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක පවසයි.

මේ සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව සහ පූර්ව සාකච්ඡාව පසුගියදා චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු චීන නියෝජිතයන් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක නියෝජිතයන් අතර පැවැත්වුණි.

මේ පිළිබඳ සහයෝගිතා සැලසුම ඉදිරියේ දී අත්සන් කරනු ලබන බව ද සභාපති කසුන් රත්නායක පැවසීය.

ෂංජොවු - හෝමාගම සහෝදර නගර වැඩසටහන (Sister City Program ) තුළින් චීනයේ පළාත් පාලන ආයතනවල පරිපාලනමය සහ සංවර්ධයේ විරල අත්දැකීම් ලබා ගැනීමට හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සහ නිලධාරීන්ට හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර පවසයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු රජයේ හා ව්‍යවසායක නියෝජිතයන් අට දෙනෙකු ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව ,ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි සමග හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ නිලධාරීහු එක් වූහ.


ජේ. මුණසිංහ

 

WhatsApp Image 2025 09 22 at 14.19.38 73613702

WhatsApp Image 2025 09 22 at 14.19.38 88414a49

WhatsApp Image 2025 09 22 at 14.19.38 cffaa715

WhatsApp Image 2025 09 22 at 14.19.39 eff595df

WhatsApp Image 2025 09 22 at 14.19.37 6166f125

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න