කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න තිළිණ මධුශංක

කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න තිළිණ මධුශංක

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය අද ( 22) දිනයෙන් අවසන් වන බැවින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක  හෙට (23) සිට පත් කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා පවසනුයේ ඉදිරි මාස 3 ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීම සඳහා කටයුතු කරන බවයි.

වැඩ බලන බස්නායක නිලමේ තිළිණ මධුශංක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයෙක් ද වේ.


( විනිවිද )


Screenshot 2025 09 22 172252

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න