එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළකර සිටීමට කැමැත්තෙමු. සැමරුම් උත්සවයට සහභාගී වූ මෙරට දේශපාලන පක්ෂ නායකයින්, ඔවුනගේ නියෝජිතයින්, බහුජන සංවිධාන ඇතුළු සියලු කණ්ඩායම්වලටද අපගේ ස්තූතිය පුද කෙරෙයි.

හැත්තෑ නව වැනි සැමරුමට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ අනිකුත් නායකයින් හැමදෙනෙකුම වාගේ අවධාරණය කළ කරුණ වූයේ පවතින අභියෝග හමුවේ එකට එකතු වී ක්‍රියා කිරීමේ වැදගත්කමය.

මෙරට බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සංවත්සර සැමරුමේදී අදහස් දැක්වූ නායකයෝ පෙන්වා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද එයම වන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සැමරුමේදී එකඟතාවයට පැමිණි ආකාරයට වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරමු. එජාප සංවත්සර සැමරුමේදී එළැඹි ඒ වැදගත් ස්ථාවරය වෙනුවෙන් සියල්ලන්ම කැපවෙමු.

 

Screenshot 2025 09 22 175355


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න