චේතිය රාජ්‍යයට වසරක් පිරුණ ද මේ වසර පුරා ම කර තිබෙන්නේ: වෛරය, පළිගැනීම හා හාස්‍යය සමාජ ගත කිරීම පමණක් යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...
රුපියල් හතරයි ශත පනහක ප්‍රතිලාබයක්
''මීට වසරකට පමණ පෙර අද වගේ දිනයක තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය තනතුරේ වැඩ බාර ගන්නේ. අද චේතිය රාජ්‍යයට වසරක් පිරෙනවා ඒ කියන්නේ පච පතිට වසරයි. මේ අවුරුද්ද පුරාවට වෛරය පළාගැනීම හා හාස්‍යය තමා සමාජ ගත කරලා තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් සිදු වී නැහැ. මේ වසර දෙවන චේතිය රජුගේ ධුරකාලය යි. මේ වසර පුරාවට දුන් පොරොන්දු 1329න් එකක් පමණක් ඉෂ්ට කර තිබෙනවා.
76 වසරකට පසුව ජනතාව වැඩියෙන්ම රවට්ටපු වසර මෙයයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා ඔවුන්ගේ හිමිකම් අහෝසි කරා . එය සිදු කළෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට රිදවීමේ චේතනාවෙන්. ඒ තුළින් මේ රටේ ආර්ථිකයට වෙච්ච හොදක් නම් නෑ . රු. 4.50කින් තමයි ප්‍රතිලාභය හිමිවන්නේ.
බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුණ අවුරුද්දක්
මේ වසර පුරාවට බෙදුම්වාදය උපරිමයෙන්ම ශක්තිමත් වුණා. විශේෂයෙන්ම අධි ආරක්ෂිත කලාප වල තිබුණ හමුදා බාධක ඉවත් කළා, වවුනියාව ගුවන් හමුදා කදවුර භූමිය නිදහස් කරන්න කටයුතු සුදානම් කළා. එමෙන්ම උතුරේ අධි ආරක්ෂිත කලාපවල තිබුණ හමුදා කඳවුර ඉවත් කරලා එම ඉඩම් නැවත බෙදා දෙන්න සුදානම් කළා. ඒ අනුව බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුන අවුරුද්දක්.
ඉතිහාසයේ දැවැන්තම හොරකම ලෙස කන්ටේනර් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කලා. ඒ සම්බන්ධව විශාල ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. ඒ පිළිබඳව කිසිදු වගකීමක් බිමල් රත්නායක ඇමතිවරයා බාර ගන්නේ නෑ. රේගු අධ්‍යක්ෂවරයා බාරගන්නේ නෑ. අද වෙනකම් මේ පිළිබඳව පැහැදිලි විමර්ශන්යක් තවම සිදු වෙලා නෑ.
කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරා
චේතිය රාජ්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වුණ කතානායක තනතුර හෑල්ලුවට ලක් කළා. හොර උපාධි සහතිකයක් තියෙන අශෝක රන්වල පත් කළා. උපාධි සහතිකය පෙන්නන්න කියපුවාම ඔහු තනතුරෙන් ඉවත් කළා. ඉන්පසු වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කලා කතානායක තනතුරට. වෛද්‍ය ජගත් වික්‍රමරත්න විශාල චෝදනා ප්‍රමාණයක් මේ වනවිට එල්ල වෙලා තියෙනවා. එතුමා විසින් රාජ්‍ය දේපළ අවභාවිතාව හා රාජ්‍ය මුදල් අපහරණය සම්බන්ධව. ඒ පිළිබඳ පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසිදු වග විභාගයක් නෑ. ඒ වගේම කතානායකතුමන්ටද ඒ සම්බන්ධව සදාචාර සම්පන්නබාවයක් ද නෑ. මේ චේතිය රාජ්‍ය තුල කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරලා තියෙන්නේ.
විදුලි බල ඇමතිට වෙනස් නීතියක් ද...?
පසුගිය අගෝස්තු 17 වනිදා මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි 2015 වර්ෂයේ පොහොර සංස්ථාවේ සේවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රජයට රුපියල් මිලියන 8 ක මුදලක් ටෙන්ඩර් වංචාවක් හරහා පාඩු කිරීම සම්බන්ධව ඔහුට නඩු පවරන්න නියමිත බවට රටට කරුණු හෙළි කළා. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වැරැද්දක් සිදු කර ඇති නම් ඔහු කවුරු වුනත් තරාතිරම නොබලා දඩුවම් කරන බව ය. නමුත් මේ වනවිට මාසයක් ගතවෙලා තියෙනවා.
අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් විදුලි බල ඇමතිතුමා 2015 වර්ෂයේ සිදු කළ ටෙන්ඩර් වංචාවට අදාළව සියලු පරීක්ෂණ කටයුතු සිදු කර අවසන්. ඒ ලිපි ගොනුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින් තිදෙනා ම අත්සන් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාත් අත්සන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඔහුට නඩු පවරලා නෑ.
අසරණ වුණ රංග දිසානායක
රංග දිසානායක කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කළා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායකගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩිට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න.
අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායකව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වළක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි, දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතභාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.''
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා: දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා, මධ්‍යම කාරක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි සහ කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් යන අය සහභාගි වූහ.