අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ සාමාජියෙක් යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලක ලේකම් නන්දන ගුණතිලක සදහන් කරයි.
ඔහු එ බව කියා සිටියේ 'හිරු රූපවාහිනීයේ' පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් එහි ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල බවත් ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.
ඊට අදාළ අත්සන් ලේඛන පවා තමන් සතුව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක,
“අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.
මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න”