පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇතුලත් කළහොත් නිවැරදි මැතිවරණ තොරතුරු කඩිනමින් ජනගත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.
දරුවන් ගේ ශිෂ්‍යයත්ව ප්‍රශ්න උදෙසා මේ වන විට දෙමව්පියන් පමණ ඉක්මවා වෙහෙස ගෙන කටයුතු කරන බැවින් මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු හඹා යමින් එය නිවැරදි අවබෝධ කරගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
රටේ මැතිවරණ ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික හා නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළවිට රටේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතක රැගෙන යා හැකි යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදිව ජනගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දා ගාළුමුවදොර හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.