ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පුද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනය විවේචනය කරන බවයි.
එහිදී ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්න ද, ආණ්ඩුවේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකයෙන් පසුවන බවද එම වාර්තාවේ දැක්වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ප්‍රකාශ කරන ඇමෙරිකානු දෙපාර්තමේන්තුව, පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය වුවද, ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බවයි.
වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම...
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පවතින සෙසු ගැටලු ලෙස අනවශ්‍ය නියාමනයන්, නෛතික අවිනිශ්චිතතාවය, සහ දුර්වල ලෙස නිලධාරින් ප්‍රතිචාර දැක්වීම ද එහි දක්වා ඇත.
එමෙන්ම ඉන්දීය සමාගමක් වන අදානි හරිත බලශක්තිය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඩොලර් මිලියන 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවත් එයට ඔවුන් හේතුව ලෙස දක්වා ඇත්තේ කලින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් බවටත් අදාළ වාර්තාවේ සඳහන්.
ජනාධිපතිවරයා දූෂණය තුරන් කිරීමට සහ රාජ්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දී ඇති බවත් නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩුවී ඇති බවත් නිරීක්ෂණය වී තිබුණද, විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදු කරගෙන යන බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
Exclusive: US Labels Sri Lanka Unfit for Foreign Investment