මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි

මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු , ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.

කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පාසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය.  නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි  යටතේ කටයුතු කරමින් නිම කළාය.

අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.

මේඛලා සදරේනු  මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහගේ හා නීතිඥ  ඒ.ඒ. තිලකරත්නගේ දියණිය වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න