තජුඩින් ඝාතනය : වයිරල් යන පෝස්ට් එක ගැන "කජ්ජගෙ පුතා" දැන් කියන කතාව මෙන්න

තජුඩින් ඝාතනය : වයිරල් යන පෝස්ට් එක ගැන "කජ්ජගෙ පුතා" දැන් කියන කතාව මෙන්න

තාජුඩීන් ඝාතනයට අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සම්බන්ධ යැයි දැනට පළ වන පුවත් සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් යැයි විදානගමගේ ඉඳුවර අමිෂ් මාදෙව් පවසයි.

විදානගමගේ ඉඳුවර අමිෂ් මාදෙව් යනු පසුගිය දිනෙක ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ පුත්‍රයෙකි.

ඔහු මෙම අදහස් පළ කළේ සිය පියා තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන පුවත පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ සිය පියා කිසිදු දිනක මත්පැන් පමණක් නොව අවම වශයෙන් බියර් හෝ පාවිච්චි නොකරන බවයි. එහෙයින් ඔහුගේ පියාගේ යැයි පැවසෙන ඡායාරුපයේ සිටින පුද්ගලයා බියර් කැනයක් අතේ තබාගෙන සිටින බවත්, ඒ සිය පියා නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.



ආන්දෝලනාත්මක අනාවරණයක්


රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ  (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පෙරේදා  (30) අනාවරණ කළේය.






වයිරල් යන පෝස්ට් එක...


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා වන ඉඳුවර විදානගමගේ සිය ෆේස්බුක් ගිණුමේ ඊයේ (01) සටහනක් ද තබා තිබුණි.

උපුටා ගැනීම

"පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.

ඇයි පොලීසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණිය කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන්නේ නැත්තේ ඇයි?''

උපුටා ගැනීම අවසන්.

අරුණ විදානගමගේ ගේ පුත් ඉඳුවර විදානගමගේ ඊයේ (01) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා අදහස් පළ කළ අතර එහිදී, සිය පියාගේ මරණයෙන් පසු තම මවගේ ගිණුමට බැර වූ බව කියන මුදලක් පිළිබඳව ද ඔහු අනාවරණයක් කළේය.



"කජ්ජගෙ පුතා" නෙත් FM වෙත පැවසු කතාව මෙන්න


නෙත් FM' ''බැලුම්ගල'' වැඩසටහනට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පළකළේය.





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න