රියැදුරුට නින්ද ගිහින් අයෙක් මරුට - 5ක් රෝහලේ

රියැදුරුට නින්ද ගිහින් අයෙක් මරුට - 5ක් රෝහලේ

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) අලුයම වෑන් රියක් ගසක හැපි සිදු වූ අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

තණමල්විල දෙස සිට වැල්ලවායට දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අඹ ගසක සහ තේක්ක ගසක ගැටී අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසකි.

වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙකි.

තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පැවසීය.

තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


(aruna.lk)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න