ලංකාවේ ජනගහණයෙන් සියයට 10කට විවිධ මානසික රෝග

ලංකාවේ ජනගහණයෙන් සියයට 10කට විවිධ මානසික රෝග

මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේය.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ 08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.


ගම්පහ පාසල් සිසුන්ගෙන් 24%කට විෂාදය


මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇති බවයි.

මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ
පරියේෂණයකින් මේ බව හෙළිව තිබේ.

එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.



ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

 



(වරුණි පෙරමුණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න